-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ත‍්‍රස්තවාදයට සහ මුස්ලිම් සහෝදරත්වයට සහය දෙන බවට චෝදනා කරමින් ඊජිප්තු නර්තන ශිල්පිනියක විසින් ගීතයක් එළි දක්වා ඇති බව වාර්තා වේ.
සාමා එල්මස්රි විසින් අරාබි භාෂාවෙන් ගැයෙන මෙම ගීතයේ වීඩියෝව සඳහා බරැක් ඔබාමා කුඩා දරුවකු ලෙසින් සහ ඔසාමා බින් ලාඞ්න් ලෙසින් සංස්කරණය කළ ඡුායාරූප භාවිතා කර තිබේ.
හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සි බලයෙන් පහ කිරීමෙන් පසු ඊජිප්තු හමුදා පාලනයට සහය නොදුන් බවට ඇමරිකානු තානාපති ඈන් පැටර්සන් වෙතද ගීතය හරහා චෝදනා එල්ල කර ඇත.
පැටර්සන් සහ මුස්ලිම් සහෝදරත්වයේ ආගමික උපදේශක මොහොමඞ් බාඞී හමුවක් දැක්වෙන සේයාරුවක්ද වීඩියෝවේ අඩංගු කර තිබේ.
මොර්සි පාලනයට ඩොලර් බිලියන 8ක ආධාර ලබාදීම සහ අත්අඩංගුවට පත් මොර්සි මුදාහරින ලෙස ඉල්ලා සිටීම විවේචනය කරන සාමා එල්මස්රි මුස්ලිම් මූලධර්මවාදයට ඇමරිකාවේ සහයෝගයක් නොවේනම් හොස්නි මුබාරක් බලයෙන් පහකරනු ලැබුවේ ඇයිදැයි විමසා ඇත.
ඊජිප්තුවට ලැබෙන විදෙස් ආධාර කපාහැරීම වෙත ඇමරිකානු මැදිහත්වීම නවතන ලෙස තර්ජනය කරන ගායිකාව ඔබාමා මේ කටයුතු නොනවතන්නේ නම් කඩු පහර දෙන බව පවසා තිබේ.
කෙසේවෙතත් දේශපාලන විචාරකයන් මින් පෙර පවසා තිබුනේ මොහොමඞ් මොර්සි බලයෙන් පහකිරීම හමුදා කුමන්ත‍්‍රණයක් ලෙස ඇමරිකාව නම් නොකළේ එසේ කළේ නම් ඊජ්ප්තුවට ලබාදෙන ආධාර නෛතිකව කපාහැරීමට ඔබාමා පාලනයට සිදුවන නිසාවෙන් බවයි.
මුස්ලිම් මූලධර්මවාදයට එරෙහි බව පවසමින් සිය වාසි සඳහා මූලධර්මවාදය සමග ඇසුරු කරන ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත් මෙසේ ජනතා විවේචනයට ලක්වන බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week