රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙනෙවිගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබ ඇති නඩුව සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් 29දා උත්තර ගොනු කරන ලෙස කොළඹ අතිරික දිසා විනිසුරු ඉවෝන් ප‍්‍රනාන්දු මෙනෙවිය නියෝග ඛර තිබේ.
2013. 01.13 දා එක්තරා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡවකදී වගඋත්තරකාර දමිතා අබේරත්න මෙනවිය තමාගේ නම භාවිත කරමින් තමා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය අනුව සිය චරිතයට හා කීර්ති නාමයට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇතැයි පෙන්වා දෙමින් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය විසින් එම නඩුව ගොනු කර ඇත.
පැමිණිල්ල විසින් ලබා දෙනු ලැබූ ලිපිනයට අදාළ සිතාසි භාරදීම සඳහා ගිය අවස්ථාවේදී රූගත කිරීමක් සඳහා බැහැරව ගොස් සිටි බැවින් විත්තිකාර දමිතා අබේරත්නට සිතාසි භාරදීමට නොහැකි වූ බව පෙන්වා දෙමින් අධිකරණ නිලධාරියා වාර්තා කොට ඇතැයි දිසා අධිකරණ භාෂණ පරිවර්තකවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය.