-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉදිරි දින කිහිපය ඇතුලතදී බස් ගාස්තු සංශෝධනය ලබා නොදුනහොත් ලබන සඳුදා පටන් බස් වර්ජනයක් ආරම්භ කරන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු හඟවයි.
ඉකුත් 24දා පෞද්ගලික ප‍්‍රවාහන ඇමැතිවරයා හා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාගේ ප‍්‍රමුඛත්වයෙන් පැවැති සාකච්ඡුාවේදී ගාස්තු සංශෝධනය වෙනුවෙන් කොමිසමේ ගණනය කිරීම් දෝෂ සහගත බව පෙන්වා දී නව ගණනය කිරිමට අදාළ වාර්තා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට පොරොන්දු වූ අතර ඉන් පසුව 27 වැනිදා අවසන් තීරණය ගැනීමට දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි නමුත් එම ගණනය කිරීමේ වාර්තා එදින වන විට මුදල් අමාත්‍යාංශයෙන් අනුමත නොවූ බවට සඳහන් කරමින් ගාස්තු සංශෝධනය තවදුරටත් කල් ගිය බව එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙයි.
එහෙත් මේ වන විට බව ගණනය කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී එය ජාතික ගමනාගමන කොමිසම වෙත එවා ඇති බව සඳහන් කළ බස් සංගම් සභාපතිවරයා දැන් කළ යුතු වන්නේ වැඩිවන ගාස්තු ප‍්‍රතිශතය ලබාදීම බවද අවධාරණය කර සිටී.
‘සාමාන්‍ය ක‍්‍රමවේදයට අනුව වසරේ ජූලි 01දා බස් ගාස්තු වැඩිවිය යුතුයි. මේ පමාව නිසා දැන් බස් හිමියන් නොසන්සුන් වී සිටිනවා පමණක් නොවෙයි සංගමයටද බලපෑම් කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපට නිශ්ශබ්දව හිඳීමට බැහැ’ යයිද ඔහු සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week