-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විකිලීක්ස් වෙබ් අඩවිය සඳහා මුදල් ගණුදෙනු කිරීමෙන් ඉවත්ව තිබූ මාස්ටර්කාඞ් සමාගම සිය මූල්‍ය තහංචි ඉවත් කර ඇතැයි වාර්තා වේ.  මින් පෙර 2010 දෙසැම්බර් මාසයේදී ඇමරිකානු රාජ්‍ය දෙප්ර්තමේන්තුවේ රහසිගත විදුලි පණිවුඩ ගණනාවක් හෙළි කිරීමට ප‍්‍රතිචාරයක් ලෙස මාස්ටර්කාර්ඞ් ඉන්ටර්නැෂනල් සමාගම ප‍්‍රමුඛ වීසා, පේ පෑල්, බෑන්ක් ඔෆ් ඇමරිකා සහ වෙස්ටර්න් යුනියන් සමාගම් විකිලීක්ස් සඳහා මූල්‍ය කටයුතු සිදුකිරීම නවතා දමන ලදී.

එම ක‍්‍රියාව ඇමරිකාවේ බලපෑමෙන් පැණවූ නීත්‍යානුකූල නොවන මූල්‍ය තහංචියක් ලෙස ජුලියන් අසාන්ජ් විසින් එවකට පවසන ලද අතර වසර දෙකහමාරකට පසු නැවත පාරිභෝගිකයන්ට විකිලීක්ස් සඳහා ගෙවීම් සිදුකළ හැකිවීම එහි අස්ථාවරත්වය යම් පමණකට හෝ සමනය කිරීම සඳහා රුකුලක් වනු ඇතැයි පැවසේ.

මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇති හිටපු ඔත්තුසේවා නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් සමගද විකිලීක්ස් යම් එකඟතාවයකින් යුතුව කටයතු කරමින් සිටී.  ස්නොව්ඩන් සහ ඔහුගේ පියා අතර සන්නිවේදනයට තමන්ට මැදිහත්විය හැකි බවට අසාන්ජ් විසින් කරනු ලැබූ ප‍්‍රකාශයෙන් පසු ලෙනී ස්නොව්ඩන්ගේ නීතිඥ බෲස් ෆෙයින් පවසා ඇත්තේ අසාන්ජ්ට හැකි නම් පියාට තම පුතු සමග කථාබහ නොකළ හැක්කේ මන්ද යන්නයි.

අයිස්ලන්තය තුළ වීසා සහ මාස්ටර්කාඞ් නියෝජිතයා වූ වැලිටර් සමාගම විසින් පණවා තිබූ තහනම ඉවත් කරන ලෙස එහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කිරීම මාස්ටර්කාඞ්හි මෙම තීරණයට බලපෑ බව කියවෙන අතර වසර දෙකහමාරක් තුළ තමන්ට සිදුවූ අලාභයට වන්දි ඉල්ලා වැලිටර් සමාගමට එරෙහිව විකිලීක්ස් නඩු පවරනු ඇතැයි පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week