-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අවුරුදු දොළහක (12) බාල වයස්කාරියකව සිටියදී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී අනියම් සම්බන්ධයක් පවත්වා ඇයව ගැබිනියක් කර ඇය සතු රන් පවුම් පනස් හතරක් සහ රුපියල් ලක්‍ෂ දාහතක්, ඇතුළු කෝටි තුනක මුදලක් වංචා කළ බවට කොළඹ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙළේය.
ක්‍රිශාන්ත රන්මල් පීරිස් නමැති සැකකරුවකු මෙසේ බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සැකකරු මීට වසර කිහිපයකට පෙර එනම් 2004 වසරේ පැමිණිලිකාර තරුණිය දැරියකව සිටියදී ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇත. සැකකරු විවාහ වී එක් දරු පියෙක්ව සිට ඇති අතර, මෙම අනියම් සම්බන්ධය හේතුවෙන් දැරියට දරු ගැබක්ද හටගෙන ඇත.

2005 වසරේ සැකකරු විදේශගතව සිට 2008 වසරේ ලංකාවට පැමිණ තරුණියව විවාහ කරගෙන විදේශ රටකට යන බව පවසා ඇති නමුත්, ඔහු තරුණිය මඟහරිමින් සිටිමින් කෝටි තුනක රන් බඩු සහ මුදල් වංචාකර ඇති බවට ඇය විසින් කොළඹ වංචා විමර්ශන අංශයට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්‍ෂිකා ධම්මිකා ගමගේ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.

දැනට මෙම තරුණියට අවුරුදු විසි එකක් වන අතර සැකකරු දරුවන් දෙදෙනකුගේ පියකු බවද පොලිසිය අධිකරණයට දැනුම් දෙන ලදී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos