හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ දියණිය පැරිස් ජැක්සන් සියදිවි හානිකරගැනීමට උත්සාහ ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ මැය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව රෝහල් ගතකර ඇති බවයි.
15 හැවිරිදි පැරිස් ජැක්සන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරුන් පවසති.
පැරිස් ජැක්සන් මත්ද්‍රව්‍ය වැඩි ප‍්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාලද පවතින බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
පැරිස් ජැක්සන් මයිකල් ජැක්සන්ගේ එකම දියණිය වන අතර ඇය සියදිවිහානිකර ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය කර නොමැත