-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිම්බාබ්වේ රාජ්‍යයෙන් අරුම පුදුම පුවතක්‌ පසුගියදා වාර්තා විය. ඒ මිනීපෙට්‌ටියේ තැන්පත් කර තිබූ මළ මිනියකට පණ ඒමයි. 34 හැවිරිදි බ්‍රයිටන් ඩාමා සැන්තේ ප්‍රවාහන සමාගමක සේවය කළ අතර ඔහු හදිසියේ අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වූ සිය මිතුරාට අවසන් ගෞරව දැක්‌වීම සඳහා එම ආයතනයේ සේවය කරන ලොම් ගාතා ද පැමිණියේය. සිය මිතුරාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ඔහුට අරුම පුදුම දෙයක්‌ දක්‌නට ලැබිණි. 

ඒ මළ මිනියේ කකුල් සෙලවෙන බවයි. මෙය සියලු දෙනා වික්‌ෂිප්ත කරන දසුනක්‌ විය. වහාම ගිලන් රථයකට කතා කළ ඔවුහු මේ පණ ඇති සිරුර රෝහලට යෑවීමට කටයුතු කළහ.

මිනීපෙට්‌ටියේ සිට රෝහලට ගිය සැන්තේ එරට පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ මියගියේ කෙසේද හෝ පණ ආවේ කෙසේද යන්න පිළිබඳ කිසිම අවබෝධයක්‌ නැති බවයි. 

තමාට සිහිය ආවේ රෝහල් ඇඳ මත සිටින විටදී බවත් හෙතෙම කියයි. මොහු ප්‍රතිකාර ලැබුවේ හරාරේ නුවරට කිලෝ මීටර් 140 ක්‌ ඇතින් පිහිටි මේරු ප්‍රදේශයේ රෝහලකය. කියන්න තියෙන්නේ එක දෙයයි. 

මට අවසාන ගෞරවය දක්‌වන්න මිනිස්‌සු මගේ ගෙදරට ආවා. නමුත් මට නැවත වරක්‌ ජීවත්වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණා කියන එකයි. සැන්තේ දින දෙකක්‌ දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos