-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිතුරු මත්ස්‍ය (සත්ත්ව) සහ විසිතුරු ශාක කර්මාන්තයේදී මෙරටට ගෙන එනු ලබන ඇතැම් සත්ත්වයන් සහ ශාක කෙටි කලකදී මෙරට ස්‌වභාවික පරිසරයට ඇතුළු වී ආක්‍රමණකාරී ලෙස ක්‍රියාත්මක වීම අද මෙරට ජෛවවිවිධත්වය මුහුණපා ඇති බරපතළම තර්ජනයකි. උඩවලවේ ගඳපාන, හෝර්ටන්තැන්නේ යුලෙක්‌ස්‌, දුම්බර වනාන්තරයේ ඉයුපටෝරියම් (පොඩි සිඤ්ඤොමරම් වැනි) වව්නියාවෙන් එපිටට වාර්තාවන පාතීනියම්, කටකළු බෝවිටියා, වැනි හඳුනා නොගත් ක්‍රමවලින් මෙරටට පැමිණ ආක්‍රමණික ලෙස ජීවත්වන ශාක වර්ග මෙන්ම මෙරට ජලාශවලට හඳුන්වා දී ඇති තිලාපියා, ස්‌ටවුට්‌ වැනි මසුන් වර්ගද හැරුණු කොට විසිතුරු ශාක හා සත්ත්ව වෙළෙ¹ම ඔස්‌සේ මෙරටට පැමිණ අපගේ ජෛවවිවිධත්වයට බලපෑම් එල්ලකරන ජීව විශේෂද දැන් ගණනාවක්‌ම හඳුනාගෙන ඇත. වැලන්ටයින් ලෙස හැඳින් වූ දම් පැහැති පත්‍ර සහිත ශාකයද, මන්නයා (මන්නාවා) (Knife Fish) නමැති මත්ස්‍යයාද, ස්‌කැවෙන්ජර්ස්‌ (grass cleaners) මත්ස්‍යයාද දැන් ආක්‍රමණික ජීවීන් ලෙස හඳුනාගෙන ඇත. එසේම මෑතකදී හඳපානාගල වැවෙන් ධීවරයකුගේ දැලක පැටලුණු ඇලිගේටර් ග්‍රාෆීස්‌" නමැති විදේශික මත්ස්‍යාද විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඔස්‌සේ මෙරටට පැමිණි අහිතකර සත්ත්වයකු සේ සැලකේ.

"පිරන්නා" යනු දකුණු ඇමෙරිකානු කලාපය නිජබිම කරගත් මත්ස්‍ය වර්ගයකි. එහි ඇමසන් ගංගාධාර ප්‍රදේශවල, උතුරු බ්‍රසීලයේ වෙරළාසන්න ගංගාවල සහ පැරගුවේ සහ පරානා ප්‍රදේශවල ඔවුහු දිවි ගෙවති. මෙම ප්‍රදේශයම නිජබිම කරගත් (Pygocentrus natterei) නමැති පිරන්නා විශේෂය අද බහුල වශයෙන් විසිතුරු කර්මාන්තයේදී භාවිතයට ගැනෙන අතර, ඇමරිකානු මහද්වීපයේ ඇතැම් ප්‍රදේශවල ඔවුන් මෙසේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා භාවිතයට ගැනීම තහනමට ලක්‌කර ඇතැයිද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉහත මත්ස්‍ය විශේෂයම පෙර දැක්‌වූ පරිදි මිනිසුන් මරාදැමීමට සැහැසි වූ අවස්‌ථා ද අන්තර්ජාලය වාර්තා කරයි. 2012 වසරේදී වයස අවුරුදු පහක දැරියක්‌ද, 2011 වසරේදී වයස අවුරුදු 18 ක තරුණයකු මෙසේ පිරන්නා ප්‍රහාරයට ලක්‌ව මියගිය බවද ඇමසන් කලාපයෙන් ලැබෙන වාර්තාවල සඳහන්ය. ලොව ඇතැම් රටවල විසිතුරු මත්ස්‍යයකු ලෙසද භාවිත කරන මෙම මත්ස්‍යයා (Red belliedpiranha) යනුවෙන් හැඳින්වේ. වාර්තාවන අන්දමට මෙම මත්ස්‍යා දැන් ශ්‍රී ලංකාවේ මසුන් ඇති කරන්නන් අතරද වෙසෙන්නෙකි.
එහෙත් මෙම පිරන්නා මත්ස්‍යයන් ආනයනය 1998 සංශෝධිත ධීවර පනත මගින් තහනමට ලක්‌කර තිබෙන බව ප්‍රකට මත්ස්‍ය විශේෂඥයකු මෙන්ම ප්‍රවීණ පරිසරවේදී නි. රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා සඳහන් කරයි. එම නිසා ශ්‍රී ලංකාවට ආනයනය නොකරන නමුදු ඊට පෙර ශ්‍රී ලංකාවට ගෙන එන ලද මත්ස්‍යයන් අභිජනනය මගින් අපනයනය සඳහාද, දේශීය මත්ස්‍ය කර්මාන්තය සඳහාද යොදාගනු දක්‌නට හැකි බවද හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ සමන්ත ගුණසේකර මහතා කියා සිටියේ මෙම සත්ත්ව ආක්‍රමණකාරී, මාංශ භක්‍ෂක, ජීවන පැවැත්මක්‌ ඇති මත්ස්‍යයකු බැවින් මොවුන් ලංකාවට ගෙන එන අවධියේදී ඔවුන් ආනයනයට තමන් විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ නමුත් බලධාරීන් එය ගණනකට නොගත් බවයි. එසේම මෙම මත්ස්‍යයා වර්තමානයේදී ස්‌වභාවික ජලාශවලින් වාර්තාවන බව තමන් නොදන්නා බවද හඳපානාගලදී හමුවූ ඇලිගේටර් ග්‍රා - ෆීස්‌ මත්ස්‍යයා මෙවන් ආගන්තුක ආක්‍රමණකාරී සතුන් දේශීය ජලාශවලට ඉතා ඉක්‌මනින් පැතිරෙන බවට හොඳ ඉඟියක්‌ ලබා දී ඇතැයිද ගුණසේකර මහතා සඳහන් කළේය.
කෙසේ හෝ 1998 ධීවර පනත මගින් පිරන්නා ආනයනය තහනමට ලක්‌කර තිබේ. යම් හෙයකින් ස්‌වාභාවික ජලාශවලට මොවුන් එකතු වුවහොත් දේශීය මත්ස්‍යයන්, ජලජ ගොළුබෙල්ලන්, උභය ජීවීන් හා ඔවුන්ගේ ජීවන චක්‍රවල අවස්‌ථා, අනෙකුත් ජලජ සතුන් හා ශාකද මෙම සර්ව භක්‍ෂක සතුරාගේ ග්‍රහණයට ලක්‌වීම වැළැක්‌විය නොහැකි නිසාය.
එහෙත්, රට තුළට ගෙන ආ හැකි නීති හරස්‌ වුණත්, අද යහමින් දේශීය (විසිතුරු) මත්ස්‍ය වෙළෙඳපොළේ යහමින් දිවිගෙවන පිරන්නාගේ පැතිරීමට වැට බඳින්නට නීතියක්‌ නොමැතිවීම භයානක තත්ත්වයක්‌ උදාකර ඇති බව බලධාරීන් නොදැන සිටීම පුදුමයට කරුණකි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමේ අදහසින් අප කරුණු විමසා සිටියේ නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙනි. ප්‍රවීණ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතාද කියා සිටින්නේ අනාගතයට වැට බැඳ ඇති නමුත් මෙවැනි ආක්‍රමණික ජීවීන්ගේ පැතිරීම රට තුළ වැළැක්‌වීම සඳහා තවමත් නීති ක්‍රියාත්මක නොවන බවයි. ඒ අනුව පිරන්නා වැනි සතුන්ගෙන් දේශීය ජෛව විවිධත්වය දරුණු අනතුරකට ලක්‌ව ඇති බවද ඔහු කියා සිටියේය.
වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙවැනි (අහිතකර ආක්‍රමණකාරී) ජීවීන්ගේ පැතිරීම වැළැක්‌වීම සඳහා පනත් කෙටුම්පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්‌ඩල අනුමැතියද ලැබී ඇති බවයි. මෙවැනි පනතක්‌ ක්‍රියාත්මක වන්නේ නම් ආක්‍රමණික, අහිතකර සහ විෂ සහිත ශාක, සතුන්ගේ පැතිරීම, බෝවීම, ළඟ තබා ගැනීම වැනි කරුණු සලකා ඊට එරෙහිව ක්‍රියා කළ හැකි බවද එම පනත කෙටුම්පත් කර පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ අනුව බලන කල පිරන්නා පමණක්‌ නොව මෙරට ජෛව විවිධත්වයට හානිදායක සියලු ශාක, සත්ත්ව පාලනය සඳහා යෝජිත පනත වැඩදායක වනු ඇත. මෙරට ජෛව විවිධත්වය සංරක්‍ෂණය සහ තහවුරු කිරීම සඳහා නිර්මිත ශක්‌තිමත් නීති රාමුවක්‌ වන මෙම පනත වහා ක්‍රියාවට නැගීම රජයේ සුවිශාල වගකීමකි. එය පෞද්ගලික අවශ්‍යතාවක්‌ හා බලපෑම් මත ක්‍රියාත්මක නොකර සඟවා තබා සිටීම ජාතික අපරාධයක්‌ සේම රටට කරන ද්‍රෝහිකමකි.
මෙරට ජෛව උරුමය සුරැකීම සඳහා මීට වඩා දැහිතකාමී නිලධාරීන් ද අවශ්‍ය වී ඇති යුගයකි මේ.
ජගත් කණහැරආරච්චි
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos