-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සැකකටයුතු ලෙස නිවසක රැඳී සිටි භික්ෂුන් වහන්සේ කෙනෙකු ,කාන්තාවන් දෙදෙනෙකු සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

ඊයේ ( 13 ) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියා සිටියි.
පාලාවිය – තල්ගස්කන්ද ප්‍රදේශයේ නිවසක මෙම හිමිනම ඇතුළු පිරිසක් රැඳී සිටින බවට පුත්තලම පොලීසියට තොරතුරක් ලැබුණු බවත්, ඒ අනුව පොලීසිය එම නිවසට යන අවස්ථාවේ පුද්ගලයින් 50 දෙනෙකු පමණ සැකකටයුතු නිවස අසල රැඳී එම නිවාස වට කරගෙන සිට ඇති බවත් සඳහන්ය.
එම නිවස තුළ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බව කියන 71 හැවිරිදි හිමිනමකි.ඒ සමගම 34 හැවිරිදි තරුණයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එම සැකකරු වෙන්නප්පුව – ලුණුවිල පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇති අතර එම නිවස හිමි කාන්තාව සහ තවත් කාන්තාවකද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
තමන් මීට පෙරද මෙම නිවසට පැමිණ ඇති බව පවසා ඇති නමුත් ඊට හේතුව අත්අඩංගුවේ පසුවන හිමිනම විසින් හෙළිකර නොමැති බවත්, මෙම නිවස ස්ත්‍රීන්ගේ ඇසුර සඳහා හොර රහසේ කුලියට ලබාදෙන ස්ථානයක් බවට තොරතුරු ලැබී තිබුණු බවත් කියැවෙයි.
පුත්තලම පොලීසියේ උප පොලිස් පරීක්ෂක සමරවීර මහතා ඇතුළු නිළධාරීන් විසින් සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos