-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන්වනවා... ඒක වැරදි නැහැ...

සිරස සුපර් ස්ටාර් මාවත ඔස්සේ ගායන ලෝකයට එකතු වූ අමිලා නදීෂානි අද වන විට සංදර්ශන වේදිකාව තුළ නැතිවම බැරි ගායිකාවක්. 

මේ ළඟදී ඇය අලුත්ම ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ වගේම වෙනත් ගායිකාවන්ගේ ගීතයන් නව සංගීතයට ගායනා කළ හින්දම දෝෂදර්ශනයට ලක් වුණා. පසුගිය කා‍ලේ ව්‍යාපාරිකාවක් විදියට ජීවිතයේ නව පිටුවක් ඇරඹූ අමිලා ළඟදී තවත් ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කළා. 

දැන් අමිලාගෙයි සමන්තගෙයි කැදැල්ල දරු දෙදෙනකුගේ සිනාහඩින් පිරිලා යන බවක් හිතවතුන් දන්නවනේ. ඉතින් මේ සියලුම කරුණු එක්ක අමිලාගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති අය නිසාමයි. මේ සතියේ අපි අමිලාව ඔබ හමුවට මේ විදියට කැඳවාගෙන එන්නේ.

Amila මොනවද අලුත් තොරතුරු?

ළඟදී මගේ සැලොන් එකක් ආරම්භ කළා. ඒක තියෙන්නේ කළුබෝවිල. ඒ සැලොන් එකෙ නම “සැලොන් කන්කා”

අමිලා දැන් ව්‍යාපාරික ස්ථාන තියන හිමිකාරියක්ද?

වෙන්නප්පුවෙයි, මගේ ගම් පළාත වන ඇඹිලිපිටියෙයි “කන්කා” නමින් සාරි ෂොප් දෙකක් තියෙනවා.

ඇයි මේ හැම එකකටම “කන්කා” කියල නම දාන්නේ?

මගෙ නම වල්‍පොල කන්කානම්ගේ අමිලා නදීෂානි. සැමියගේ නම කංකානම් ගමගේ සමන්ත. දෙන්නගෙම නම්වල එකතුවක් විදියටයි “කන්කා’ කියල නම යොදන්නේ.

අමිලාගේ සංගීත ජීවිතේ අලුත් තොරතුරු මොනවද?

පසුගිය දවස්වල අලුත් ගීත කිහිපයක් කළා.

පසුගිය දවස්වල ඉන්ද්‍රාණි පෙරේරා එදා ගැයූ ‘මතකය ඇසුරින්’ ගීතය අමිලා නැවත ගැයීම ආන්දෝලනාත්මක සිදුවීමක්  වුණා?

පැරණි ගීත ‘රීමේක්’ කිරීම සිදුවනවා. බොහෝ අය එම ගීත ගායනා කර තිබෙනවා. නමුත් මම ඒ දේ කළාම වැඩිපුර බැණුම් අහන්න සිදුවුණා.

වෙනත් ගායක ගායිකාවකගේ ගීත තවත් ගායක ගායිකාවන් ගැයීම වැරදි නැද්ද?

යටපත් වීගෙන යන ගීතය නව සංගීතයට නව හඬකින් ඊළඟ පරපුරට දීම වරදක් නැහැ.

ඒ කියන්නේ අමිලා ඉදිරියේදී වුණත් වෙනත් ගායිකාවකගේ ගීත ගයන්න පුළුවනි....?

මම “මතකය ඇසුරින්” ගීතය ගයන්න ඉදිරිපත් වුණේ ක්ලැරන්ස් විජයවර්ධන මහතාට උපහාර පිණිස. මා එම කටයුත්තට කැමති වුණේ නොමි‍ලේ. ඒත් දීමනාවක් විදියට මුදලක් ඒ අය මට දුන්නා. නමුත් ඔය ගීතය ගැයූ නිසා බොහෝ අයගෙන් දොස් අහන්න වුණා. මින් මතු නම් මම “රීමේක්” සඳහා නොමි‍ලේ කැමැත්ත පළ කරන්නේ නැහැ. ඒ සඳහා මුදලක් අය කරලා තමයි කරන්නේ.

නමුත් ඉන්ද්‍රාණි පෙරේරා තවමත් ක්‍ෂේත්‍රය තුළ රැඳී ඉන්නවා?

එතුමියට මම ගොඩක් ගරු කරනවා. ‘මතකය ඇසුරින්’ ගීතය රීමේක් කරද්දී මාව ඊට යොදාගත්තේ එහි අයිතිකරුවන්. ඒත් මා ඒ ගැන ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියට කියන්න දුරකථනයෙන් කතා කළා. ඒ වෙද්දී එතුමිය සංගීත සංදර්ශනයකට විදෙස් ගතවෙලා. එතුමිය යළි එනතුරු මම බලා හිටියත් ගීතය පටිගත කිරීම පමා කරන්න අදාළ අංශ කැමති වුණේ නැහැ. ඒ හින්දා මට ගීතය ගායනා කරන්න වුණා.

ඇන්ජලින් ගුණතිලකගේ ගීත ගැයීම ගැනත් අමිලාට චෝදනා නැගෙනවා...

මට මගේම ගීත තියෙනවා. සංදර්ශනවලට මා යන්නේ මගේ ගීත ගයන්න. ඒ වුණත් ඇතැම් සංදර්ශනවල ඉන්න නවක සංගීත කණ්ඩායම් ඒ ගීත දන්නේ නැහැ. ඒ අය දන්නේ ජනප්‍රිය පැරණි ගීත. ඒ වෙලාවට මම අසරණ වෙනවා. මගෙන් ඉල්ලන ඒ ගී ගයන්න මට සිදුවන්නේ ඒ හින්දයි.

වෙනත් ගායිකාවක් අමිලාගේ ගී ගැයුවොත්?

තවම මගේ ගීත යටපත් වෙලා නැහැ. ඒ නිසා දැන් වෙනත් ගායිකාවක් මගේ ගීත ගයන්නේ නැහැ. නමුත් මගේ ගීත යටපත් වී යන කාලෙක නවක ගායිකාවක් එම ගී ගැයුවොත් මම සතුටුවෙනවා. මගේ ගී යටපත් වෙන්න නොදී යළි ගයන ඒ නවක ගායිකාවට මම ආශිර්වාද කරනවා.

කටකතා ගැන මොකද හිතන්නේ.?

මටත් කටකතා හැදිල තියෙනවා. මමයි සමන්තයි වෙන්වුණා කියලත් කටකතා පැතිරුණා. ඒත් ඒවා ගණන් ගත යුතු නැහැ. කටකතා කියන්නේ කටකතා විතරයි.

මෑත කාලයේ කලා ලොවේ දික්කසාදවීම් බහුලව සිදුවුණා. ඔය විදියේ කටකතාවලට ඒවත් බලපාන්න ඇති....?

එකට ජීවත් වෙන්න බැරි දෙන්නෙක් වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන්වනවා. ඒක වැරදි නැහැ. ඒත් දික්කසාද වූ කෙනකු දෙවැනි වතාවට විවාහ වෙනවා නම් ඒක ගොඩක් හිතලා බලලා ගත යුතු තීරණයක්. ප්‍රථම විවාහයේ සැමියා සහ බිරිඳ තරම් ඒ දෙදෙනා ගැන දන්න දෙදෙනෙක් නැහැ. දෙවැනි විවාහයක් කරගන්නවාට වඩා තනිකඩව ඉන්න එක තමයි දික්කසාද වූ කෙනකුට සුදුසුම දෙය.

අමිලායි සමන්තයි පුතයි දුවයි ගත කරන ජීවිතේ කොහොමද?

ටිකක් විතර වැඩ වැඩියි. ඒත් සුන්දරයි. පුතා බිතුම් දැන් ඉන්නේ හත වසරේ. දුව ලිතුම්සාට දැන් අවුරුද්දයි. මම ගෙදර ඉන්න වෙලාවට දෙන්නම ඉන්නේ මගේ ළඟ තමයි. අපි හරි සතුටින් ජීවත් වෙනවා.

ගේ දොර වැඩයි කලා කටයුතුයි සමබරව කරගෙන යාම අසීරුද?

මගේ අම්මත් ඉන්නේ මගෙ ගෙදර. අම්මගෙනුයි සමන්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් අත් උදව්වට මෙහෙකාරකමට කෙනෙක් තියාගන්න මම කැමති නැහැ. ගෙදර ඉන්න වෙලාවට මගෙ අත්දෙකින් තමයි උයන පිහන හැම ගේ දොර කටයුත්තක්ම කෙරෙන්නේ.
 - See more at: http://www.hotandfastnews.com/2013/06/blog-post_4327.html#sthash.r0MujGep.dpuf

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos