-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමා මුහුණ පෑ සිද්ධිය සමබන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වේ යැයි විශ්වාසයක් තිබුණද ඒ සම්බන්ධයෙන් තර්ජනාත්මක සිදුවීම් නැවත සිදු නොවේවි යැයි සිතිය නොහැකි බව වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයා විසින් දණගැස්වීමට ලක්වූ ප‍්‍රියානි සුසිලා හේරත් ගුරු මහත්මිය කුරුණෑගල පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළාය.

කුරුණෑගල වික‍්‍රමසිංහ රදගුරු ශ‍්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැති අතර සුසිලා හේරත් ගුරු මහත්මිය ඇය මුහුණ පෑ සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. එම සංගමයේ වෘත්තීය ලේකම් වසන්ත ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පවත්වන ලදි.

සිදුවූ දේ පිළිබඳව තමා තවම දැඩි කම්පනයකින් සිටින බවද එම හේතුව මත නවගත්තේගම විදුහල වෙනුවට තම සැමියා සේවය කරන මහඋස්සාව විදුහලට ස්ථාන මාරුවක් ලබා ගත්තද අයහපත් මානසිකත්වය මත නව විදුහලේ රාජකාරී කටයුතු තමන් භාර නොගත් බවද පැවසුවාය.

මහඋස්සාව විදුහලට ගමන් කිරීමට සිදුවන්නේ නවගත්තේගම ප‍්‍රදේශය හරහා බැවින් යළිත් වරක් පෙර මෙන් ගැටලූවලට මුහුණ පෑමට සිදුවෙතැයි යන සැකය සහ බිය තමන් තුළ පවතින බවද ඇය කීවාය.

‘ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා සාධාරණය ඉෂ්ට කර දෙන බවට පොරොන්දු වුණා. ඒ සම්බන්ධයෙන් මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. මම එතුමාගෙන් නැවත ඉල්ලීමක් කරනවා සමස්ත ගුරු පරපුර වෙනුවෙන්ම මට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා’ යැයිද හේරත් ගුරු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

‘සුසිලා හේරත් මහත්මිය දේශපාලන වශයෙන් දණගැස්වීමේ ක‍්‍රියාවලියට එහා ගිය ක‍්‍රියාදාමයක් මේ වන විට වයඹ පළාත තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. දේශපාලනයට සම්බන්ධ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මේ සිද්ධිය දුටු ගුරුවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයාට ගුරු මහත්මියට පක්ෂව සාක්ෂි නොදෙන ලෙස බලපෑම් කර තිබෙනවා. සියැසින් දුටු සාක්ෂි කිසිවක් නොදුටු විදිහට ඔවුන් මේ වන විට හරවා තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හරියට ක‍්‍රියාත්මක විය යුතු අවස්ථාවයි දැන් පැමිණ තිබෙන්නේ’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week