-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆෙඞ්රික් නියුමාන් පදනන නම් ජර්මානු ආධාර යටතේ මෙරට ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන සාගරිකා දෙල්ගොඩ පසුගිය ඉරිදා විදෙස්ගත වීමට සූදානම්ව සිටියදී කටුනායක ගුවන්තොටුපොළේ දී රහස් පොලිසිය භාරයට ගෙන ප‍්‍රශ්න කොට මුදා හැර ඇති අතර රටින් පිටවීම තහනම් කොට තිබේ.

මීට පෙර රහස් පොලිස් භාරයට ගත් අවස්ථාවේ දී දෙන ලද රටින් පිට නොවීමේ නියෝගය නොතකමින් විදේශගත වීමට තැත් කළ නිසා ඇය මෙලෙස රහස් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙන විත් දීර්ඝ ලෙස පැය ගණනාවක් ප‍්‍රශ්න කර මුදා හැර ඇති අතර ෆෙඞ්රික් නියුමාන් පදනමට එරෙහිව ඇති චෝදනා විභාගකොට අවසන් වන තෙක් ඇයට විදෙස්ගතවීම තහනම් කොට ඇත .

එම පදනමට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ සහ එල්.ටී.ටී.ඊ. දෙමළ ඩයස්පෝරාවට සෘජුව සම්බන්ධ වී ක‍්‍රියා කිරීම යන ඒවාය.

පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් විශේෂ පන්ති පවත්වා තිබේ. එහිදී රජය පෙරළන ආකාරය පිළිබඳව මන්ත‍්‍රීවරු දැනුවත් කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week