-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

100Mbps අධිවේගයෙන් යුතු බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල පහසුකම් VDSL2 තාක්ෂණ ඔස්සේ ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා ටෙලිකොම් පවසයි.

මේ නිසා ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමට තම පාරිභෝගිකයන් සදහා 100Mbps (තප්පරයට මෙගාබයිට්)  දක්වා සුපිරි වේගයකින් අන්තර්ජාල සේවා සැපයිය හැකි වනු ඇතැයි ශ‍්‍රී ලංකා ටෙලිකොම් විශ්වාසය පළ කරයි.

90Mbps ට  වැඩි වේගයකින් දත්ත ලබා ගැනීමට VDSL බ්‍රෝඞ්බෑන්ඞ් ප‍්‍රවේශයන්ට ඇති හැකියාව පිළිබද ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා ඉදිරියේදී සිදුකරන ලද ප‍්‍රදර්ශනයකදී විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මහතා විසින් මෙය නිල වශයෙන් විවෘත කළේය.

නුදුරු අනාගතයේදී මෙම බ්‍රෝඞ්බෑන්ඞ් ජාලය වැඩි දියුණු කරමින් ව්‍යාප්ත කිරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම සැලසුම් කර ඇත.

ශ‍්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට ඉහළම විශ්වාසනීය භාවයකින් යුක්තව බාධාවකින් තොරව අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල ප‍්‍රවේශයන් ලබාදීම සදහා පද්ධති ධාරිතාව වැඩිකරමින්ද පහසු මිලට බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් සුලබ කරමින්ද ශ‍්‍රී ලංකා ටෙලිකෝම් සමාගම දිවයින පුරා අන්තර්ජාල භාවිතයේ වෙනසක් සිදුකරමින් සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week