අභීත දියණිය සහ සුජාත දියණිය නම් ජාතික රූපවාහිනිය මගින් විකාශය කළ ටෙලිනාට්‍යයන්හි දර්ශන ඇතුළත් ජායාරූප විශාල ප‍්‍රමානයක් ලග තබා ගැනීමේ චෝදනාව ලද පිටකොටුවේ වෙළෙදසැල් හිමියෙකු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රත් ශිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පවරා ඇත.
මෙලෙස නඩු පවරණු ලැබුවේ එම් එම් මුලාෆර් නැමැති පිටකොටුව ප‍්‍රදේශයේ වෙළෙදසැල් හිමියෙකුටය.
අභීත දියණිය හා සුජාත දියණිය නැමැති ටෙලිනාට්‍යවල දර්ශන ඇතුළත් ජායාරූප මුද්‍රණය කිරීම විකිණීම හා විකිණීම සදහා ලග තබා ගැනීම යන චෝදනා මෙම චූදිතයාට එරෙහිව පිටකොටුව පොලීසිය මගින් ගොනුකර තිබුණි.
අභීත දියණිය නම් ටෙලි නාට්‍යයේ දර්ශන ජායාරූප සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වෙත පැමිණිලි කොට තිබුණේ පවර සුජිත් මාරඹගේ මහතා වන අතර සුජාත දියණිය නම් ටෙලි නාට්‍යය දර්ශන සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන ක‍්‍රිස්ටෝපර ගුණවර්ධන මහතා පැමිණිලි කර තිබුණි.