-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා මුල්වන්නේ ආර්ථික සංවර්ධනය’ යන මාතෘකාව යටතේ කොතලාවල ආරක්ෂක පීඨයේදී දීර්ඝ දේශනයක් පැවැත්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ රටේ ආරක්ෂාවට එල්ලවී ඇති අවසාන තර්ජනය පැන නඟින්නේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට එමින් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක්, ට්විටර් වැනි මාධ්‍යය තුලින් බවයි.

ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල විප්ලවීය දේශපාලන වෙනස්කම් වලට අනතර්ජාලයේ සමාජ මාධ්‍යය මුල්වූ බවටද අනතුරු හඟවා සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සම්ප්‍රදායීක ආරක්ෂක මෙවලම් මගින් පාලනය කළ නොහැකි මෙම නව තර්ජනයට මුහුණදීමට පියවර ගත යුතු බවද කියා සිටියේය.
මේ අතර ප්‍රකාශයක් කළ ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් චරිත හේරත් ප්‍රකාශ කර සිටියේ, අන්තර්ජාලයේ වෙබ් අඩවි පාලනය කිරීම ප්‍රයෝගික නොවන බවයි.

“ලංකාව සම්බන්ධව ඕනෑම පුවත් පතක හෝ නාලිකාවක පළ වන දේ පාලනය කරන්නට අපට බැහැ. වෙබ් අඩවි ලෝකේ ඕන තැනක සිට පළ විය හැකියි. එක රටක සිට ඒවා පාලනය කිරීම කොහෙත්ම කළ නොහැකි දෙයක්.”
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක යෙදුනු ප්‍රවෘත්ති ලේකම් වරයා කියා සිටියේ, “රටවල් ඇතුලේ සිදුවූ විශාල පෙරළි වලට මේ සමාජ මාධ්‍ය බල පෑව. එයින් පෙනී ගියේ ෆේස් බුක්, ට්විටර් වැනි මාධ්‍ය වල ඇති විශාල බලය පිළිබඳවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන්නට ඇත්තේ”, යනුවෙනි.

ඒත් “අරාබි වසන්තයේ” බලයෙන් විප්ලවීය පෙරැළි සිදුවූ රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නායකත්වයක් පැවතීම අස්ථාවර භාවයට ඉඩ නොසලසන්නේ යැයිද ආරක්ෂක ලේකම් කියා සිටියේය.
- BBC

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos