-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධියේ සැකකරුවෙක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්ග දුමින්ද සිල්වා ඊයේ දිනයේ කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත‍්‍රික් බල මණ්ඩල සංවිධායකවරුන් මුණ ගැසෙමින් නැවත සිය දේශපාලන කටයුතු ආරම්භ කලේය. තමන් කවදත් දේශපාලනය කළේ අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් බවත් ඉදිරියේදී එම ජනතාව වෙනුවෙන් තම සේවය දෙගුණ තෙගුණ කරන බවත් එහිදී මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

නුගේගොඩ පිහිටි ආර්. දුමින්ද සිල්වා පදනම් කාර්යාලයේදී මෙම උත්සවය පැවති අතර කොළොන්නාව නගර සභාවේ සහ කොටිකාවත්තල මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ද ඊට එක්ව සිටියේය.

මේ අතර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර සිද්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා වසර එක හමාරක් පමණ පාර්ලිමේන්තුවේ නිවාඩු ලබා සිටි දුමින්ද සිල්වා මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සිංගප්පූරු රෝහලකදී ද ප‍්‍රතිකාර ලබා මීට මාස කීපයකට ඉහතදී දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා පසුව කොළඹ  පෞද්ගලික රෝහලකදී නතර වී ප‍්‍රතිකාර ලැබීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos