-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුකළ සංශෝධන සිසුන්ට විශ්වවිද්‍යාල පමණක් නොව,ජීවිතයද එපා කරවන ඒවා නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශෂි පබා රන්මලී ගුණවර්ධන ශිෂ්‍යාවට සියදිවි නසා ගැනීමට සිදුවූ බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව සඳහන් කරයි.

එහි සම්පූර්ණ වගකීම ප‍්‍රතිසංස්කරණ ගෙන එන ලද වත්මන් ආණ්ඩුව භාරගත යුතුයැයිද ඔවුහු පවසති.

හිතාමතාම ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල තුළ කොටුකර තබාගැනීමට යෑම නිසා ඔවුන් විශාල පීඩනයකින් පසුවන බවත්, එම තත්ත්වය ලෝක විශ්වවිද්‍යාල ප‍්‍රතිපත්තියටද විරුද්ධ යැයිද 
වෛද්‍යපීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසීය.

’’අපි දිගින් දිගටම කතා කළ ප‍්‍රශ්නයක් මෙහි තියෙන්වා. මේක ශෂී පබා සහෝදරියට පමණක් වූ පෞද්ගලික කාරණයක් නොවේ. පොදුවේ විශ්වවිද්‍යාල පද්ධතියට අදාළ කාරණයක්.

ශිෂ්‍යයන් සාමුහිකව එක්වෙන එක වළ්ක්වන්න පසුගිය කාලය පුරාම ආණ්ඩුව විවිධ ක‍්‍රියාමාර්ග ගත්තා. අඩුම තරමේ කෑම කද්දිවත් ආපන ශාලාවේදී කතා කරන්න වෙලාවක් නැහැ.

තමන්ගේ ප‍්‍රශ්නයක් යාළුවෙක් එක්ක කතා කරන්න විදියක් නැහැ. උදේ 8.00 ට පටන් ගත්තාම සවස පහ වෙනකම් දේශන තියෙනවා. ශිෂ්‍යයෙකුට පුස්තකාලයකටවත් යන්න වෙලාවක් නැහැ’’ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week