-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දන ගැස්වූ බව කියන ගුරුවරියගේ නිවස අසලට සෙනසුරාදා රාත්‍රී යතුරුපැදි වල පැමිණි පිරිසක්  නළා හඬවා, කෑගසා ගිය බව කියමින් එම ගුරුවරිය අද උදෑසන නවගත්තේගම පොලිසියට නැවත පැමිණිලි කළාය.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ලංකා ඉතිහාසයේ දේශපාලනඥයකු ගුරුවරියක දන ගැස්වූ පළමු අවස්ථාව මෙය බවයි.
සමස්ත අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණයට ලක්වීමත්, ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් පාසල් පරිපාලන කටයුතුවලට ඇගිලි ගැසීමත් මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ද, මේ තත්ත්වය තුල පාසල් පරිපාලනය දේශපාලකයන් අතට ගෙන ඇතැයි ද, මෙය බරපතල තත්ත්වයක් බව ද ස්ටාලින් මහතා කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සාධාර පරීක්ෂණයක් කර වැරදිකළ අයට නිසි දඩුවම් ලබා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos