සිය දියණියට පාසැලේදී පාසැල් නිල ඇඳුම කොටට නොඅඳින ලෙස අවවාද කිරීමට විරුද්ධව වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම සිදුවීම සිදුව ඊයේ දිනයේදී සිදුව ඇති අතර පස්වරුවේ පාසලට ගොස් ඇති මන්ත්‍රීවරයා අදාළ ගුරුවරිය පාසල තුළම දණ ගස්වා දඬුවම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරිය නවගත්තේගම පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේග