-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බුද්ධි තොරතුරු සදහා ජාතික ආරක්ෂක ඒජන්සියෙන් ලැබෙන ඉල්ලීම් හමුවේ වඩාත් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු කිරීමට ඇමරිකාවේ අන්තර්ජාල දැවැන්තයන් තිදෙනෙකු ෆෙඩරල් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ක‍්‍රියාත්මක කරන පි‍්‍රස්ම් සමූහ ආවේශන වැඩසටහන පිළිබඳ තොරතුරු පුවත්පත් වල පළවීමෙන් පසු මෙම සමාගම් විසින් පාරිභෝගිකයන්ගේ තොරතුරු නිදහසේ ලබාදෙන බවට චෝදනා එල්ල විය.

ගූගල් සමාගම ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට ලිපියක් යවමින් ආරක්ෂක ආයතන විසින් තමන්ගෙන් ඉල්ලා සිටින තොරතුරු ප‍්‍රමාණය සහ පරාසය හෙළිදරව් කිරීම සඳහා ඉල්ලීමක් කරන ලදී.

2010 සිටම ගූගල් සමාගම සිය පාරිභෝගිකයන් සඳහා ආරක්ෂක ඉල්ලීම් පිළිබඳ සමාසික වාර්තාවක් ප‍්‍රසිද්ධ කරන නමුත් විදේශීය බුද්ධි තොරතුරු පණත (FISA) ට අදාළ කරුණු හෙළිකිරීම සඳහා කෙරුනු පළමු ඉල්ලීම මෙයයි.

මීට දින 3කට පෙර බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් විසින් ප‍්‍රිස්ම් වැඩසටහන සැබෑවක් බව පිළිගනු ලැබූ අතර එය පෙරකී පණත ප‍්‍රකාරව අන්තර්ජාල සමාගම් විසින් සැපයෙන තෙරතුරු එක් කරන පරිඝනක වැඩසටහනක් ලෙසින් හඳුන්වා දෙන ලදී.

ගූගල් සමාගමේ ඉල්ලීමෙන් පැය කිහිපයක් ගතවන්නටත් ප‍්‍රථම ක්ෂේත‍්‍රයේ එදිරිවාදීන් වන මයික්‍රොසොෆ්ට් සමාගම සහ ෆේස්බුක් සමාජයීය ජාලයද ගූගල් සමග අත්වැල් බඳිමින් ඊට සමාන ලිඛිත ඉල්ලීම් සිදු කර තිබේ.  මෙම සමාගම්වල අදහස වන්නේ එවැනි පාරදෘශ්‍ය වාර්තාවක් මගින් තමන් පිළිබඳව ඇති ජනතා සැකය නිරාකරණය වනු ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos