-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අත්අඩංගුවේ පසුවන කොළඹ උතුරු බාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස සිදු කළායි සැකකරන තවත් ඝාතන වැළක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන බව, විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

බම්බලපිටිය ප‍්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ආරම්භ කළ පරීක්ෂණවලදී තවත්, ඝාතන වැළක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහු යටතේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා හා උප පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද වාර්තා වේ.

මෙම ඝාතනවලට අදාළව පොලිස් නිලධාරීන්ට අමතරව අත් අඩංගුවට ගනු ලැබූ සාමාන්‍ය වැසියන් දෙදෙනාද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්. සහාබ්දීන් මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව මහේස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියේදී ඔවුන් රහසිගතව ප‍්‍රකාශ ලබා දුන්හ.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුවලට අනුව ඝාතන සඳහා යොදාගත් බවට සැකකරන ගිනි අවි සහ වෑන් රථයක් හා ඩබල් කැබ් රථයක් සොයාගත් බවද වාර්තා වේ. මේ අතර මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණ පිළිබඳ තොරතුරු වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියට දැනුම් දී තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos