-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පැහැගෙන ගොස් ඝාතනය කරන ලද ව්‍යාපාරික මොහොමඞ් ෂියාම්ට අයත් බැංකු ගිණුමක තිබූ ලක්‍ෂ දෙසීයකට ආසන්න මුදලක් එම ගිණුමෙන් එකවර ඉවත් කර ගෙන ඇතැයි පවුලේ ඥාතීහු පවසති.

DFCC බැංකු ශාඛාවක පවත්වාගෙන ගොස් ඇති අදාළ ගිණුමේ මුදල් එලෙස එකවර ඉවත් කිරීමට හේතුව තවම නොදන්නා බවත්, ඒ පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඔවුහු කියති.
මේ පිළිබඳව අප කළ විමසීවදී ඝාතනයට ලක් වූ ෂීයාම් මහතාගේ පියා වන මොහොමඞ් ඞීන් මහතා පැවැසුවේ, පැහැරගත් දින අදාළ මුදල වෙනත් ගිණුමකට බැර කර ඇත්දැයි තවම නිශ්චිතව කිව නොහැකි බවත්, තමන් මේ වන විට තම පුතා සතුව තිබූ බැංකු ගිණුම් පරික්‍ෂා කරමින් සිටින බවත්ය.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ෂීයාම්ගේ ගිණුමේ තිබූ මුදල් ඝාතනයට පෙර මෙලෙස ඔහු ලබාගෙන ඇතැයිද ඔහුගේ ඥාතීන්ට සැක මතුවී තිබේ.

මොහොමඞ් ෂීයාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 25 වනදා දක්වා රිමාන්ඞ් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos