මිද්දෙනිය මුරුගස්යාය ප‍්‍රදේශයේ දී තරුණයකු කිසියම් පිරිසක් විසින් ඊයේ වෙඩි තබා ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ 32 හැවිරිදි මැදආර පදිංචි තරුණයෙකි.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මියගිය තරුණයාගේ සොයුරකුගේ බිරිඳට වෙනත් අයකු විසින් ‘මිස්ඞ් කෝල්’ දීම නිසා ඒ පිළිබඳ විමසීමට තරුණයන් සිව්දෙනකු සමඟ මිද්දෙනිය ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ දී මෙම ගැටුම හටගෙන ඇත.
(බන්දුල පද්මසිරි-තංගල්ල)
(බන්දුල පද්මසිරි-තංගල්ල)