-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඊයේ (13) උදේ 10 පමණ කාපට් අතුරා සකස් කරන ලද මිහින්තලය අඹතලා‍ගම මාර්ගයේ මීටර් 107ක කොටසක් අද (14) උදේ වනවිට තැනින් තැන කාපට් ගැලවී වළවල් හැරී තිබීම සම්බන්ධයෙන් එහි ජනතාව අනුරාධපුරය මාර්ග සංවර්ධන අධිකාරියට දැඩි විරෝධය පළ කරන්නට පටන් ගෙන තිබේ.ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා මාර්ග සංවර්ධන අධිකාරිය උපදෙස් ලබා දෙමින් පවසා ඇත්තේ පොසොන් පොහොයට පෙර මෙම මාර්ගය පිළිසකර කරන ලෙසයි. ඒ සඳහා රුපියල් දාහත්කෝටි තිස් ලක්ෂයක මුදලක් වෙන් කර තිබේ. මෙම මාර්ගය මිහින්තලය ඔරලෝසු කනුව අසලින් දකුණට අඹතලා මාර්ගය ඔස්සේ මිහින්තලේ බොංජි විහාරය දක්වා කිලෝ මීටර් 02යි මීටර් 200ක් දුරට විහිදී තිබේ.
මාර්ගය කාපට් කිරීමේ කොන්ත්‍රාත්තුව අනුරාධපුරය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පුද්ගලික සමාගමකට පවරා ඇත. ඒ අනුව ඊයේ (13) උදේ මාර්ගය කාපට් කිරීම අරඹා ති‍බේ. එහි වැඩකටුතු කරගෙන යද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිම නිලධාරියෙක් එම සංවර්ධන කටයුත්ත අධීක්ෂණය කරන්නට නොපැමිණි බව මිහින්තලාව,තුලාන 578 එජනිසං ශාඛා සංවිධානයේ නියෝජිත නයනජිත් කුමාර මහතා පවසයි. රජයේ සල්ලි මේ ආකාරයට විනාශ කිරීම ජාතික අපරාධයයක් බව හෙතෙම පෙන්වා දෙයි. 
මාර්ගය කාපට් කිරීම ඊයේ (13) රාත්‍රි 11 දක්වා කඩිමුඩියේ සිදුකර තිබේ. මාර්ගය කාපට් කර ඇත්තේ කිසිම ප්‍රමිතියනට නොවන බව ජනතාව මීට දැඩි විරෝධය පළ කරමින් පවසති. මේ අතර අදාළ සමාගමේ කොන්ත්‍රාත්කරුවා අද (14) උදේ එම ස්ථානයට පැමිණ කැඩී,වළවල් හෑරි තිබෙන කොටස යළි පිළිසකර දෙන බව පවසා තිබේ. මෙම මාර්ගය ‘මහින්ද රාජපක්ෂ මාවත’ යනුවෙන් නම් කිරීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ නමින් ශ්‍රී ලංකාවේ නිමා වන එකම මාර්ගය මෙය බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos