-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පාසල නිම වී නිවසට යැමට සූදානමින් සිටි ගම්පොළ ජාත්‍යන්තර පාසලක පළමු ශේ්‍රණියේ දරුවකු වැරදීමකින් වෙනත් පාසල් වෑන් රියක නැග ගමන් කරමින් සිටියදී එම වෑන් රථ සේවකයින් එම දරුවා මහමග දමා ගොස්‌ සිටියදී ප්‍රදේශවාසීහු විසින් බේරාගෙන තිබේ.

පාසල් වෑන් රථයෙන් එළියට දමා ඇති මෙම දරුවා වැස්‌සට තෙමී ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී වාහනයකට ගැටීමට යන බව දැක ඇති ප්‍රදේශවාසීහු දරුවා බේරාගෙන තොරතුරු විමසීමේදී මේ බව හෙළි වී තිබුණි. 

පසුව ඔවුන් දරුවාගේ ඇඳුම හා ටයි පටිය අනුව එම ජාත්‍යන්තර පාසල හඳුනාගෙන සවස 3.00 ට පමණ නැවත ළමයා එම විදුහලට භාර දී තිබේ. 

ගඟ ඉහළ කෝරළේ කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා ගම්පොල නගරයේ ඇති මෙම ජාත්‍යන්තර පාසලට භාරදී තිබූ අතර එම ප්‍රදේශයේ සිට පැමිණෙන පාසල් වෑන් රථයකින් දිනපතා දරුවා රැගෙන ඒම හා යැම සිදුකර තිබේ.

එකම පැහැය ඇති වෑන් රථ දෙකක්‌ හඳුනා ගැනීමට නොහැකි වූ දරුවා වැරදීමකින් මෙම වෑන් රථයට ගොඩවී ඇති අතර අතරමගදී එම වෑන් රථ සේවකයින් මෙම දරුවා තමාගේ වෑන් රථයේ යන අයෙකු නොවන බව හඳුනාගෙන මෙසේ මහ මග දමා ගොස්‌ තිබේ.

නගරය පිළිබඳ අවබෝධයක්‌ නොමැති දරුවා වැස්‌සට තෙමෙමින් මහ මග ඒ මේ අතර යමින් බොහෝ වේලාවක්‌ ගත කිරීමේදී මෙලෙස ප්‍රදේශවාසීන් බේරාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් එම දරුවාගේ දෙමාපියන් වන නෙවිල් විඡේරත්න හා සමන්ති අචලංකා ගම්පොල පොලිසිය වෙත ඊයේ (29) දින පැමිණිලි කරමින් එම වෑන් රථය පිළිබඳව සොයා බලන ලෙසත් දරුවාගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා සිටියේ මෙම වෑන් රථ හිමිකරුවන්ගේ අමනුෂ්‍ය ගතිද ඉවත් කර දෙන ලෙස ඉල්ලමිනි.

කෙසේ නමුත් ගම්පොල බොහෝ පාසල් වෑන් රථ හිමිකරුවන් මෙවැනි වැරදි සිදුකරන අතර මෑතකදී කුඩා පාසල් දැරියක්‌ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පාසල් බස්‌ රථය තුළ අතවරයකට ලක්‌ කළ බස්‌ රථ හිමිකරුවකු ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි චුලනි වීරරත්න යන අයගේ උපදෙස්‌ මත ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති චන්ද්‍රා ජයවීර මහතා ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos