හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් ඉදිරියේ විභාග වන නඩුවක් වාසි වන ආකාරයෙන් තීන්දුව ලබාදීම පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ඉල්ලා එය ඊයේ රාත්‍රී ලබා ගන්නා අවස්ථාවේ මෙම වැටලීම සිදුකර ඇත.