-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනිතබා ගැනීමට පෙර සිය ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂකයන් විශේෂ විමර්ශන ආරම්භ කොට ඇතැයි වාර්තා වේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මහනුවරට පැමිණ ඇති විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් දැනට දින ගණනාවක සිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. එම ගිනි තැබීම සිදුකරගත් ස්ථානයේ ඇති දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ගේ පාවහන් තබන කුටියේ සේවය කරන්නන්ගෙන්ද, අසල මල් කඩවල සේවය කරන්නන්ගෙන්ද, සිද්ධිය සියැසින් දුටුවන්ගෙන්ද මේ වනවිට සාක්ෂි සටහන් ලබාගෙන තිබේ.

එම හිමියන් සිරුරට ගිනි තබාගත් අවස්ථාවේ එය නිවීමට ඉදිරිපත් වූ විශේෂ කාර්යබළකායේ නිලධාරීන්ගෙන්ද, දළදා මාලිගාවේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද සාක්ෂි සටහන් කරගෙන තිබේ.
මෙම සිද්ධිය පිටුපස තවත් කිසියම් පිරිසක් සිටින්නට ඇති බවට තරයේ විශ්වාස කරන රහස් විමර්ශකයන් ඔවුන් සොයා ගැනීමට පරීක්ෂණ සිදුකරමින් පවතී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos