-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සතු පැරණි ගුවන් යානා ඉවත් කර ඒ වෙනුවට නවීන පහසුකම්වලින් සමන්විත ගුවන් යානා හයක් එක් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා පැවැසීය.

ඉදිරියේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණු කොට පස් අවුරුදු සැලැස්ම ක‍්‍රියාත්මක කර ඇතැයි පැවැසූ සභාපතිවරයා එහි වසර දෙකක් ගෙවා ඇතැයිද සඳහන් කළේය.

ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ගුවන් යානා හය එක් කරන බව පැවැසූ සභාපතිවරයා 2017 සිට 2023 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා හතක් එක් කරන බවද සඳහන් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පස් අවුරුදු සැලැස්මේ දෙවැනි අදියර යටතේ නවීකරණය කිරීම අරඹා ඇතැයි පැවැසූ ඒ මහතා ඒ අනුව එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා එක් කරන බවත් එය සමීක්ෂණයක් මගින් තීරණය කරනු ලැබූ බවද පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos