කොළඹ වරායේ හටගත් ගින්නෙන් විනාශ වූ ගුදමේ තිබූ ආනයනික භාණ්‌ඩවල වටිනාකම රුපියල් මිලියන 500 කට අධික බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
විනාශ වූ භාණ්‌ඩ මෙරටට ගෙන්වූ ආනයනකරුවන් 338 දෙනකු ඊයේ (28 දා) දහවල් වන විට ඉදිරිපත්වී සිටි අතර, ඉන් 92 දෙනකු අදාළ ලිපිගොනු ඉදිරිපත් කර නැත. ඉතිරි 246 දෙනා තමන් ආනයනය කළ භාණ්‌ඩවල තොරතුරු සහිත ලිපිගොනු වරාය අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇත. එම තොරතුරුවලට අනුව එම භාණ්‌ඩවල වටිනාකම පමණක් දළ වශයෙන් මිලියන 350 ක් පමණ වන බවද හෙතෙම පැවැසීය.
භාණ්‌ඩ ආනයනකරුවන් 400 දෙනකුගේ පමණ භාණ්‌ඩ මෙම ගුදම් තුළ තිබූ බවට විශ්වාස කරන අතර ඉදිරියේදී ඉතිරි පිරිසද ලිපිගොනු ඉදිරිපත් කරනු ඇතැයි පැවැසූ එම ප්‍රකාශකයා ඇතැම් විට විනාශ වූ භාණ්‌ඩවල වටිනාකම මිලියන 500 ඉක්‌මවා යැමට ඉඩ ඇතැයිද පැවැසීය.
ගින්නෙන් සිදුවූ භාණ්‌ඩ හා දේපළ වටිනාකම ගණනය කිරීමේදී වරාය ගුදමට අයත් දේපළවල වටිනාකමද ගණන් බැලිය යුතු අතර මෙම ගුදම් ගොඩනැඟිල්ල වසර 25 කට වඩා පැරැණි එකක් බවද හෙතෙම පැවැසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව කෙරෙන රහස් පොලිස්, රස පරීක්‍ෂණ හා වරාය අභ්‍යන්තර පරික්‍ෂණ අවසන් වන තුරු සිදුවූ භාණ්‌ඩ හා දේපළ හානිවල වටිනාකම සහ ගින්නට නිශ්චිත හේතුව පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවද එම වරාය අධිකාරි ප්‍රකාශකයා පැවැසීය.
මේ අතර කොළඹ වරායේ ගුදමේ ගින්න ඇතිවීමට විනාඩි කීපයකට කලින් එහි සේවකයන්ගේ ජංගම දුරකථනවලට ලැබුණු ඇමතීම් පිළිබඳව රහස් පොලිසිය දැඩි අවධානය යොමුකර ඇත.