-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් සිය පෙම්වතා සමඟ අමනාප වී සිය නිවෙසේදී ගෙල වැලලා ගෙන ජීවිතය හානිකර ගැනීමට තැත්කළ පුවතක් වාර්තා වනවා.

කෙසේ වෙතත් ගෙළ වැලළාගත් සාරිය කැඩීම නිසා ඇය දිවි ගලවාගෙන තිබෙන අතර තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.


මෙම පාසල් ශිෂ්‍යාව කෑගල්ල ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින බවත් ඇය මීට මාස 8කට පමණ ඉහතදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන තිබෙනවා.

මෙම පාසල් ශිෂ්‍යාවගේ උපන් දිනය ඉකුත් ජූලි 5 වැනි දිනට යෙදී ඇති අතර එදින සිය ප්‍රේමවන්තයා ත්‍යාගයකුත් රැගෙන රඹුක්කන නගරයට පැමිණෙන බව පාසල් ශිෂ්‍යාවට දන්වා ඇත. පසුව පාසල් ශිෂ්‍යාව අදාළ ස්ථානයට නියමිත වේලාවට ගොස් ඇති අතර සිය ප්‍රේමවන්තයා පැමිණෙන බව කියූ වේලාව පසු වන තුරුත් මඟ බලා සිට ඇත. පසුව ඇය සිය දුරකතනයෙන් ප්‍රේමවන්තයාගේ දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.

එයටද කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඇති හෙයින් පාසල් ශිෂ්‍යාව නිවෙසට පැමිණ කාමරයට ගොස් මවගේ සාරියක් ගෙන ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇත. එහිදී ගෙල වැලලා ගැනීමට යොදාගත් සාරිය කැඩී පාසල් ශිෂ්‍යාව බිමට ඇද වැටී ඇත.

ශිෂ්‍යාවගේ මවට දියණියගේ කාමරයෙන් ශබ්දයක් ඇසී සොයා බැලීමේදී සාරියේ කොටසක් දියණියගේ ගෙලෙහි තිබී ඇය දඟලමින් බිම වැටී සිටිනු දැක අනතුරුව රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week