-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වලින් අයකරන මුදල් අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානවල සිටින ඇතැම් දූෂිත නිලධාරීන් ඉතා සූක්‍ෂම ලෙස හොරාකන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. 

මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්‌ පවසා සිටියේ මේ සම්බන්යෙන් මාධ්‍යයට තොරතුරු ලබාදිය නොහැකි බවයි. 

මේ සඳහා දිය හැකි හොඳම නිදසුන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේ සේවය කරන නිලධාරියකු පැය දෙකක්‌ තුළදී රුපියල් 12,000 කට අධික මුදලක්‌ සොරකම් කිරීම බව ඔහු සඳහන් කළේය.

මෙම දූෂිත නිලධාරියා දින දහයක්‌ තුළදී රුපියල් ලක්‍ෂයකට අධික මුදලක්‌ ගොඩගම අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේදී සොරකම් කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇතැයි අමාත්‍යාංශ නිලධාරියා සදහන් කරයි.

මීට පෙරද කොට්‌ටාව අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේ සේවකයකු මේ ආකාරයටම ලක්‍ෂ ගණනක මුදලක්‌ සොරකම් කර තිබුණු බව ද එම ප්‍රකාශකයා සදහන් කළේය.

මේ පිළිබඳව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂවරයා පවසා සිටියේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳවද තොරතුරු මාධ්‍යයට අනාවරණය කළ නොහැකි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos