-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ටයරයක හුලං ගොස් ඇති බවට සැකකරණු ලැබු  මගී ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයට ඉහළ අහසේ පැය තුනක් පමණ රවුම් ගසමින් පියාසර කර පසුව එරට ඔස්ලෝ ගුවන් තොටුපොළට ගොඩ බස්වා ඇතැයි ඩේලි මේල් පුවත් සේවය පවසයි.
එය ගොඩ බැස්සවීමට පෙර  ගුවනේ රවුම් ගසා ඇත්තේ එහි ටැංකි වල ගබඩා කර තිබු ඉන්ධන අවසන් කැර ගැනීමේ අරමුණෙනි. නෝර්වේඑයා ගුවන් සේවයට අයත් අංක ඒ 321 නමැති මේ යානයේ කාර්ය මණ්ඩලයට අමතරව මගීන් 200ක් සිටි බව ද දැනගන්නට ඇත.
ගුවන් බලධාරින් පවසන්නේ යානය ගුවන්ගත වන අවස්ථාවේ ටයරය සිදුරුවී එහි වාතය පිටතට ගිය බවයි. රෝදයේ හුළං නොමැතිව යානය ගොඩබැස්සවීමට යාමේ දී යානය අනතුරට පත්වුවහොත් ඉන්ධන සමග පුපුරා යාමේ අවධානමක් ඇති බැවින් මෙලෙස අමතර කාලයක් පියාසර කරමින් ඉන්ධන අවසන් කර ඇත.
යානය ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී ගුවන් තොටුපොළේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සුදානමින් සිටි බව පැවසේ 
මෙම යානය ඔස්ලෝ ගුවන් තොටුපලට බැස්සවු පසු එහි මාධ්‍ය නිලධාරි ලැසි ඇන්ඩ්රි වැන්ග්ස්ටින් මාධ්‍යයට කියා ඇත්තේ ‘‘මට හරි සතුටුයි එම ගුවන් යානය කිසිම වරදක සේයාවක් හෝ නොදක්වා සාමාන්‍ය පරිදි ගොඩ බැස්සුවා “ යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos