තමනට ලබා දී ඇති දකුණු පළාත් ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමෙන් කළහැකි කෙංගෙඩියක් නැති බව එම පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
ගාල්ලේ පැවති ජන හමුවක් අමතමින් ඇය මෙසේ කීවාය.
‘මට ධීවර කටයුතු අධීක්ෂණ මන්ත‍්‍රීකමක් දීලා. ධීවර ක්ෂේත‍්‍රය ගැන මම දන්න කෙංගෙඩියක් නැහැ. යම් තනතුරක් දෙනවිට ඔහුට හෝ ඇයට ඒ ක්ෂේත‍්‍රය ගැන ඇති දැනුම හා පළපුරුද්ද සලකා බලලයි දෙන්න ඕන.
ඕනෑම කෙනෙකුට තේරෙනවා මට ගැළපෙන්නේ කාන්තා හා ළමා කටයුතු එහෙම නැත්නම් කලා කටයුතු කියලා. කලා කටයුතු දීලා තියෙන්නේ හුදකලා වූ අයෙකුටයි’ යයිද එහිදී ඇය කීවාය.