-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔයා නිදාගන්නෙ චක්‍රයක් වගේ කියලා කිව්වොත් පිළිගන්නවද? චිකාගෝ විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය ලීසා මෙඩාලි කියන විදියට නම් අපේ නින්ද විනාඩි 90ත් 120ත් අතර අදියර 4කින් සමන්විත චක්‍රයක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇය චිකාගෝ විශ්වවිද්‍යාලයේ නින්ද සහ චර්යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. ඇය කියන විදියට නම් සැහැල්ලුවෙන් ආරම්භ වෙන නින්දේ මුල්ම අදියර අවසාන වෙන්නේ ඇස්වල වේගවත්ව සිදුවන චලනයන් සමඟ (පචනඪඤ ඥරඥ ථධමඥථඥදබ) ගැඹුරු නින්දකට පිවිසීමෙන්. මේ හැම අදියරක් අතරේම විනාඩි කිහිපයක් අපි අවදි වෙනව.

නින්දෙදි නොදැනීම සතෙක් වෙනවා
ඇසි පිය වේගවත්ව චලනය කරමින් ගැඹුරු නින්දකට පිවිසෙන අවස්ථාව වනවිට ඔබ නොදැනුවත්වම සතෙක් බවට පත්වෙනවා. කලබල වෙන්න එපා. ඔබ ගැඹුරු නින්දකට ගමන් කරද්දි ඔබ ඔබටම අහිමි වෙනවා. ඔබේ ශරීරය ඔබට අයිති නැති බව වැටහෙනවා. ඔබේ සිරුර සීතලම සීතල රුධිරය ගමන් කරන සතකුගේ ස්වභාවයට පත්වෙනවා. මිනසෝටා වෛද්‍ය විද්‍යාලයේ ස්නායු විශේෂඥ වෛද්‍ය මාක් මනෝවර්ඩ් කියන විදියට නම් අපි ගැඹුරු නින්දකට පත් වෙද්දි අපේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව නැතිවෙනවා. නමුත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ කාලසීමාව සාමාන්‍යයෙන් විනාඩි 20ක් පමණ දිගුවෙනවා. නමුත් සමහර විට විනාඩි 2ක් තරම් කෙටි වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් උපරිම විනාඩි 45ක් දක්වා කාලයක් දිගු වෙන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා.


අනාරක්ෂිතයි නම් නින්ද කෙටි
ෆැන්ක්වර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය උර්සුලා වොස් කියන විදියට නම් ඇඟට අපහසුවක් දැනුණොත් ගැඹුරු නින්දකට ගමන් කිරීමේ අවස්ථාව කෙටි වෙනවා. අනාරක්ෂිත බවත් අධික සීතලක් දැනෙන විටදි පවා කෙටි නින්දක් ලැබෙන කාලය අඩුවෙනවා. ගැඹුරු නින්දක් ලබන්න තිබෙන අවස්ථාව කෙටි වෙනකොට අපේ ශරීරය එයට අවශ්‍ය විදියට ඊට අනුරූපිව හැඩගැහෙනවා.


සිහින දැකීමේ ක්‍රියාවලිය
මද්‍යසාර නිසා ඇතිවන උත්තේජනය අජීව කෙටි නින්දකට පොලඹවනවා. එම උත්තේජනය නිසාම නින්ද සැහැල්ලු ක්‍රියාවලියක් බවට පත්වෙනවා. කෙතරම් මද්‍යසාර ප්‍රමාණයක් ශරීර ගත වුණත් එය ඔබේ සිහින දැකීමේ ක්‍රියාවලියට නම් බාධා කරන්නේ නැහැ. නැවැත නැඟිටින විට නින්දේදී දුටු සිහින මතකයට නඟා ගැන්මට තරම් හැකියාවක් පවා පවතිනවා.


ආසාත්මිකතාවලට සුලබව භාවිත කරන ඔෟෂධයක් වන 'බෙනඩ්‍රිල්' (ඕඥදචඤපරත) ගැඹුරු නින්දකට පිවිසීමේ අවස්ථාව අහිමි කරවනවා. ඒ වගේම තමයි සිහින දැකීමත් අඩු කරවනවා. අධිරුධිර පීඩනයට ලබා ගන්නා සමහර ඔෟෂධ, පාකින්සන් රෝගයට නියම කරන ඔෟෂධ විශාදයට ලබාදෙන ඔෟෂධ මෙන්ම දුම්පානය නතර කිරීමේදී ලබා දෙන ඔෟෂධ වර්ගත් ඉහත කාරණා සඳහා බලපෑම් කරනවා.


අම්මාගේ කුසේ සීමිත කාලය
ගර්භාෂ ගත කලල, එහි ගත කරන සම්පූර්ණ කාලයෙන් ඉතා වැඩි කොටසක් ගත කරන්නේ ගැඹුරු නින්දක යෙදීම සඳහායි. එය ඔවුන්ගේ මොළයේ වර්ධනයට අතිශයින්ම වැදගත් වෙනවා. ඒත් ඉතින් ගැඹුරු නින්දක් ලබනවා කියලා ඔවුන්ට සිහින දකින්න බැහැ. ඒ ඔවුන්ට කිසිම මතකයක්වත් අත්දැකීමක්වත් නැති නිසා. කුස තුළ සිටියදී පුංචි දරුවෝ තමන්ගේ කාලයෙන් 50%ක් විතර ගත කරන්නේ ඇස්දෙක පියාගෙන. ඉපදුණාට පස්සේ තමන්ගේ කාලයෙන් 25%ක් ඇස් දෙක පියාගෙන ඉන්න ගත කරනවා. හැබැයි දවසින් දවස ලොකු වෙද්දි මේ කාලය 15%ක් දක්වා අඩුවෙනවා.
සවනි ශේශාධි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos