-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.
වරාය හා මහාමාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කරමින් සිටියේය.
‘ඇමැතිතුමා කතා කරන්න කලින් මට හමුවෙන්න ඉඩක් දෙන්න‘ ඔහු ඉල්ලා සිටියේය.
‘හරි හරි රැස්වීම ඉවරවෙලා අපි කතා කරමු‘ . අමැති කීවේය.
එහෙත් සුමතිපාල නම් වු එම පුද්ගලයා දිගින් දිගටම කතා කරන්නට විය.
ඇමැතිගේ කතාවට දිගින් දිගටම බාධා ඇති විය.
සුමතිපාල :‘අපි හැමදාම තමුන්නාන්සේලාගේ කතා ඇහුවා.දැන් අපේ කතාව අහන්න.අපි එදා ඉදලා හොද ශ්‍රී ලංකා කාරයෝ .අපට සමෘද්ධියත් නෑ .කන්නත් නෑ.ඉන්නත් නෑ.මේ දරුවා තියාගෙන ඉන්නේ මහ පාරේ.‘
එසේ කී සුමතිපාල දරුවා වඩා ගත්තේය.රැස්වීම සංවිධානය කළ බෙන්තර ඇල්පිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායිකා දකුණු පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ආසනයෙන් නැගිට්ටාය.තවත් කිහිප දෙනකු සමඟ එහි පැමිණියාය.එම පිරිස සුමතිපාල රැස්වීමෙන් එළියට රැගෙන ගියේය.එසේ රැගෙන යද්දීත් ඔහුගේ කතාව නතර වුයේ නැත.ඔහුට කම්මුල් පහරක් වැදුණේය.
දරුවාද භීතීයට පත් වු බව එය දුටුවෝ කියති. ඔහුට පහර දුන්නේ නිල ඇඳුමක් ඇද සිටි කෙනෙකියි එහි සිටි අය කියති.
කාගේ හෝ පිල්ලියක් එවලා යැයි තව පිරිසක් කීහ.ඔහුද බිරියද දරුවාද පොලිසියටරැගෙන යනු ලැබුහ.
පොලීසිය ටික වේලාවකින් ඔහු ද දරුවා ද බිරිය ද මුදා හළේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos