-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුරුණෑගල වැල්ලව අබකොලවැව ප්‍රදේශයේ නිවසක නිදිපැදුරේ සිටියදී පැහැරගෙන ගිය පමාරා කේෂානි බණ්‌ඩාර දැරිය තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත.මෙම පැහැරගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම නිවසට ආගිය කට්‌ටඩියකු දැන් පොලිස්‌ භාරයට ගෙන සිටී.

කාලයක්‌ තිස්‌සේ මෙම පවුලේ සාමාජිකයන් සමග සමීප සම්බන්ධතාවක්‌ පවත්වා ඇති බව කියන මෙම කට්‌ටඩියා කේෂානි දැරියටත් ඇගේ වැඩිමහල් සොහොයුරාටත් බාල සොහොයුරියටත් දැඩි ලෙස ආදරයෙන් සිටි පුද්ගලයෙක්‌ බවද පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මෙම කට්‌ටඩියා කේෂානි දැරිය දරුකමට හදා ගැනීමට පවා අවස්‌ථා කීපයකදීම ඇගේ මවුපියන්ගෙන් ඉල්ලා ඇති බවද කියයි.

සැකකාර කට්‌ටඩියාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇතත් පැහැර ගැනීමට ලක්‌වූ කේෂානි දැරිය පිළිබඳ වැදගත් තොරතුරක්‌ හෙළිදරව් කර ගැනීමට හැකි වී නැත.

දැරියගේ මවුපියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දැඩි ලෙස විශ්වාස කරන පුද්ගලයන් බව පොලිසිය පවසයි. මෙම කට්‌ටඩියා එම පවුලට සම්බන්ධ වී ඇත්තේ එවැනි ගුරුකම් කීපයක්‌ කර ගැනීමේ අවස්‌ථාවලදීය.

ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කට්‌ටඩියා විවාහ වන වයසේ පසුවන දරුවන් ඇති පියෙකි. දරුවන්ට දැඩි ලෙස ආදරය දක්‌වන මොහු කේෂානිගේ නිවසට නිතර නිතර පැමිණ ඇත්තේ ඔවුන් බැලීම සඳහාය. ඇතැම් අවස්‌ථාවලදී කේෂානි, ඇගේ සොහොයුරා සහ සොහොයුරියට ආහාර කවා පොවා දිය නාවා ඇති අවස්‌ථාද වූ බව හෙළි වී තිබේ.

පොලිස්‌ භාරයට ගත් කට්‌ටඩියා වැල්ලව පොලිසියේදී අඳුනක්‌ද බලා ඇති අතර ඔහු පවසා ඇත්තේ එක්‌තරා සුදු පැහැති කාන්තාවක්‌ මෙම දැරිය රඳවාගෙන සිටින බවයි.

එහෙත් මෙම කට්‌ටඩියා පවසන දැ කිසිවක්‌ විශ්වාස කළ නොහැකි බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සැකකාර කට්‌ටඩියාගෙන් දීර්ඝ ලෙස ප්‍ර්‍රශ්න කරගෙන යයි.

පැහැරගැනීමට ලක්‌වූ කේෂානි දැරියගේ මවුපියන් හැඬූ කඳුළින් පවසන්නේ තමන් පණ මෙන් ආදරය කරන තම දියණිය නිරුපද්‍රිතව තමන්ට භාරදෙන ලෙසයි.

වැල්ලව අබකොලවැව ප්‍රදේශයේ පිහිටි නිවසේ තම සොහොයුරා හා සොහොයුරිය සමග නිදා සිටි සිව් හැවිරිදි මෙම දැරිය පැහැරගැනීමට ලක්‌ වූයේ පෙරේදා (09 වැනිදා) අලුයම 2.00 ට පමණය.

නිවසේ ජනේලය වසා තිබූ ඉටි රෙදි කපා ඉවත්කර නිදා සිටි දැරිය පැහැරගෙන ගොස්‌ තිබිණි.

රසකැවිලි නිෂ්පාදනය කර විකිණීමේ සුළු ව්‍යාපාරයක්‌ කරගෙන ගිය කේෂානි දැරියගේ මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත්වන පවුලකි. . දැරිය සෙවීමේ කටයුතු සඳහා සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍ර්‍ර්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක්‌ද වැල්ලවට ගොස්‌ සිටිති.

ඊට අමතරව කුරුණෑගල ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථාන 9 ක නිලධාරි කණ්‌ඩායම් මෙම දැරිය සෙවීමේ පරීක්‍ෂණ සඳහා යොදවා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos