-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය 1,488 දෙනෙකි. ඒ වෙනුවෙන් වාර්ෂිකව වැය කරන මුදල රු. කෝටි 1,340කි.

එනම් එක් පුද්ගලයෙකුගේ මාසික නඩත්තු වියදම රු. 750,000කට ආසන්නය.

රටේ ජනගහනය කෝටි 2ක් වෙද්දී ජනපතිගේ කාර්යමණ්ඩලය වෙනුවෙන් කෝටි 1,340 වැය කිරීම සාධාරණදැයි ඊයේ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර මංත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා.

එයට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ එය සාධාරණ බවයි.

ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල කාර්ය මණ්ඩලය 1,488 දෙනයි.
ඔව්

දැන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කෝටි 1,340ක් දරලා තියනවා එය ඔබතුමා සාධාරණයි කියලා හිතනවද?
මෙය සාධාරණයි පාර්ලිමේන්තුව අනමත කරන ලද සේවක ප්‍රමාණයට අඩුවෙන් තමයි මේ සේවාවේ යෙදෙන්නේ.

ජනගහනය කෝටි 2ක් වූ රටක ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කෝටි 1,340ක් වැය කිරීම සාධාරණද?
මහජන කැමැත්තෙ පත්වන ජනාධිපතිතුමාට කාර්ය මණ්ඩලයක් තිබිය යුතුයි. ඒ කාර්ය මණ්ඩලය කටයුතු කිරීම මත තමයි ජනාධිපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සාර්ථක වන්නේ. රටවැසියා ජනතාවිමුක්ති පෙරමුනේ මතය තාම පිළිගන්නේ නෑ.

ජනතාව තාම ඉන්නේ මේ ගැන තාම දන්නේ නැති හින්දා.

මෙලෙස ප්‍රශ්න ඇසීම නිසා අස්වර් මංත්‍රීවරයා විවිධ බාධාවන් සිදුකරනු ලැබූ නිසා අනුර කුමාර මංත්‍රිවරයා පවසා සිටියේ අයියගෙන් ප්‍රශ්න අහනකොට මල්ලි නැඟිටිනවා. අයියා වගේ මේ සභාවේ උත්තර දෙන්නේ

අස්වර්: මේ සභාවේ අයියලා මල්ලිලා නෑ. මංත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ.

අනුර: අයියලා මල්ලිලා නෑ අරලියගහ මන්දියයේ වළං හෝදන අය ඉන්නේ
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos