දෙවන ලෝක යුද්ධ සමයේදී අමෙරිකානු නාවික භටයින් 700 දෙනෙකු සමග මුහුදුබත් වූ USS Houston නෞකාව ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්රිත මුහුදු පතුලේ තිබී සොයාගෙන තිබේ.
බීබීසී පුවත් සේවය වාර්තා කළේ, එම නෞකාව USS Houston නෞකාව බවට අමෙරිකානු නාවික හමුදාව තහවුරු කර ඇති බව ය.
“The Galloping Ghost of the Java Coast” යනුවෙන් විරුදාවලි ලත් USS Houston නෞකාව මුහුදුබත් වූයේ, සන්ඩා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව 1942 වසරේ පෙබරවාරි මස 28 වන දා පැවති සටනේදී ය.
එම සටනේදී දෙපාර්ශවයේ ම සෙබළුන් 1,068ක් ජීවිතක්ෂයට පත්වූ අතර USS Houston නෞකාවේ සිටි අමෙරිකානු නාවික භටයින් සංඛ්‍යාව 700කි.
අමෙරිකානු බලධාරීන් පවසන්නේ, USS Houston නෞකාව ඇති මුහුදු පතුල ප්‍රදේශය ආරක්ෂණය කිරීම සඳහා පියවර ගත යුතු බව ය.