-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය ගෙවුණු ජුනි දක්වා වන කාර්තුව තුළ  රුපියල් මිලියන 144 ක්  පාඩු ලබා ඇති බව බව අලුත්ම අතුරු ගිණුම් වාර්තා පවසයි.

 2013 වසරේ මෙම කාලයේ එම සමාගමේ ලාභය  රුපියල් මිලියන 122 ක් වී තිබේ. කාර්ගිල්ස් ෆුඩි සිටි ප්‍රධාන සිල්ලර වෙළෙඳ අංශයේ ලාභ රුපියල් මිලියන 612 සිට 330 දක්වා පහළ වැටි ඇත.මෙහිදි සිල්ලර වෙළෙඳ අංශය සදහා වන අගය එකතු කළ බද්දේ බලපැම ප්‍රධාන වු 

බවත් මේ අනුව ගත වු කාලයේ රුපියල් මිලියන 190 ක බදු බරක් මේ සදහා පිරිවැය ලෙස දැරිමට සිදු වු බවත් සමාගම කියයි.රටේ සමස්ත එළවළු හා පළතුරු නිෂ්පාදනයෙන් සියයට 04 ක නියෝජනයක් ඇති ස්වකිය වෙළෙඳාම් පමණක් මෙම වැටි බලපැමෙන් මිදෙන බවද සමාගම කියයි.

Fast Moving Consumer Good හෙවත් ක්ෂිණිකවම පාරිභෝගිකයා මිලදී ගන්නා භාණ්ඩ  අංශයේ ලාභ මිලියන 32 ක අලාභ සිට රුපියල් මිලියන 67 ක ලාභ දක්වා වර්ධනය වි ඇත.KFC ප්‍රමුඛ ආපන ශාලා අංශයේ ලාභ රුපියල් මිලියන 39 සිට මේ කාර්තුවේ රුපියල් මිලියන 25 ක අලාභ දක්වා පහළ ගොස් ඇත.මෙහිදි ආපන ශාලා 03 ක් නවීකරණය සදහා වසා දැමිම මුළික වු බව සමාගම කියයි.

ආයෝජන අංශයේ ලාභ රුපියල් මිලියන 06 සිට මිලියන 41.5 දක්වා ඉහළ ගොස් ඇත.

කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයේ Three Coins බීයර් නිෂ්පාදන හා වෙළෙඳ අංශය මිළදි ගැනිම සඳහා  Carson Cumberbatch PLC සමුහයට හා Carlsberg මැලේසියාට අයත් The Lion Brewery Ceylon Plc හා ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව මෙම බීර අංශයේ කටයුතු අඩපණ වු නිසා මෙහි අලාභය රුපියල් මිලියන 116 ක් වු බවත් ඉදිරියේදි මෙහි ගනු-දෙනු අවසන් වු විගස අදාල තත්ත්වය සමනය වනු ඇති බවද සමාගම කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos