-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයන් හී ව්‍යාපාරික ස්ථාන ලෙස ලියාපදිංචි වී පවත්වාගෙන යන ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට නැතැයි දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේද රට පුරා දිස්ත්‍රික් මට්ටමින් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන 148ක් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බවත්, එසේ අවසර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් ඉල්ලුම්කරුවන් විසින් සපුරා තිබිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය. දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු සම්භාහන මධ්‍යස්ථානයේ සිටිය යුතු අතර ඒවායේ සේවකයන් සියල්ලන්ටම ආයුර්වේද සම්භාහනය පිළිබඳ සුදුසුකම් පැවැතිය යුතු බවද ඇමැතිවරයා කීවේය. එවැනි සුදුසුකම් නොමැති කිසිම ස්ථානයකට ආයුර්වේද දෙපාර්තමේන්තුව අවසර නොදෙන බවද ඒ මහතා සඳහන් කළේය.
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රදේශීය ‍ලේකම් කාර්යාලවල ව්‍යාපාරික ස්ථාන ලෙස ලියාපදිංචි වී පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට බලයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට නොමැති බව පැවැසු ඇමැතිවරයා එවැනි ස්ථානයන් හී නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවන්නේ නම් ඒ ගැන සොයා බැලීමට ‍පොලීසියට හැකියාව පවතින බවද කීවේය.
එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos