අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH370 යානයේ සිටි මගීන් 4 දෙනෙකුගේ බැංකු ගිණුම්වලින් ස්ටර්ලිං පවුම් 20000ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි තොරතුරු හෙළිවී තිබේ.
මැලේසියා පොලීසිය පවසන්නේ, යානය අතුරුදන් වී මාස 4කට පසු එනම් ජූලි මාසයේදී මෙය සිදුව ඇති බව ය.
එම මුදල් ලබාගෙන ඇත්තේ, එම ගිණුම් හිමියන්ගේ නමින් ම ය.
මේ අනුව, අතුරුදන් වූ යානයේ සිටි මගීන් සිව් දෙනෙකු බැංකු ගිණුම්වලින් මුදල් ආපසු ගත්තේ කෙසේ ද යන්න අභිරහසක් වී තිබේ.
මැලේසියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් අරඹා ඇත.
මෙම සැකසහිත ආපසු ගැනීම් වාර්තා වී ඇත්තේ, ජූලි මස 18 වන දා ය.