කොළඹ පිහිටි ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ගිණුම් අංශයේ නිළධාරිණියක විසින් තමන්ට පමණක් විශාල මුදලක් වැය කර වෙනම වැසිකිළියක් ඉදි කරන බව වාර්තා වෙයි.
එහා සේවයේ යෙදෙන අතිරේක ලේකම්වරු, අධ්යක්ෂ ජනරාල් වරු ඇතුළු ඉහළ නිළධාරීන් ඒ ඒ මහල්වල තිබෙන වැසිකිළි මෙතෙක් කල් පාවිච්චි කරන අතර මෙම නිළධාරිණියට විශේෂ වැසිකිළියක් තම කාමරයට යාබදව ඉදි කිරීමට ඉඩ දීම කෙරෙහි අමාත්‍යංශයේ සේවකයන් තුළ බලවත් අප්‍රසාදයක් හට ගෙන ඇත.
ආරංචි මාර්ග පවසන්නේ අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකුගේ ආශිර්වාදය මත මෙම වැසිකිළිය ඉදි කිරීම සඳහා ඇය මුදල් වෙන් කරවා ගෙන ඇති බවයි.
ඇතැම් අවස්ථාවල වැසිකිළිය තනා නිම වන තුරු එම නිළධාරිණිය නිවාඩු ලබා ගෙන රාජකාරි කටයුතු සිය නිවසේ සිට කරන බවද පැවසේ.