“මා විවාහ වීමට කැමැත්තෙන් සිටියේ නොසෙල්වෙන අදහස් ඇති, ශක්තිමත් ඒ වගේ ම විශ්වාසවන්ත කෙනකු සමඟය". රෝස්ට අන්තිමේ නොසෙල්වෙන ශක්තිමත් කෙනා හමුවුණා. ඒත් ඒ පණැති අයෙක් නෙමෙයි.
ඕස්ට්‍රේලියානු ජාතික තරුණ චිත්‍ර ශිල්පිනියක වූ ජෝඩි රෝස් අවසානයේදී තම සැමියා ලෙස තෝරාගත්තේ ප්‍රංසයේ පිහිටි ‘පොන්ට් ඩු ඩියැබ්ලෝ’ නම් වූ වසර 600 ක් පමණ පැරැණි පාලමයි.
ඇතැමෙකුට මෙය විකාරයක් හෝ පිස්සුවක් ලෙස පෙනුණ ද රෝස් එම තීරණය ගැනීමට හේතුව වූයේ සමහර විට පිරිමින්ට නොමැති ස්ථිර භාවයත් ශක්තියත් විශ්වාසයත් මෙම පාලමට ඇති නිසා විය හැකියි.
‘පොන්ඩු ඩියැබ්ලේ” හෙවත් “යකාගේ පාලම” සමඟ පසුගිය ජූනි 17 වැනිදා පැවැත්වූ විවාහ උත්සවයට රෝස් ගේ හිතවතුන් 14 දෙනෙකු සහභාගි වූ අතර “දුටු දා සිට එයාට ආදරේ හිතුණා” යැයි විවාහ උත්සවයේදී තම මිතුරන් අමතා රෝස් ප්‍රකාශ කළේ ඉමහත් සොම්නසිනි.
දැන් ඇගේ නම ලෙ පොන්ට් ඩු ඩියැබලේ යි. ඩියැබ්ලේ මහත්මිය ගේ සංගීත නිර්මාණයට මේ පාලමේ සිදුවන දෙදරීම ද ඇතුළත් කොට ඇත.
විවාහ උත්සවය පවත්වන අවස්ථාවේ නිශ්ශබ්දව සිටි ඩියැබ්ලේ මහතා ඔහුගේ විවාහක බිරියගේ සංගීත නිර්මාණය පිළිබඳ ඇති කැමැත්ත නිසා නිශ්ශබ්දව ම සිටි බව රෝස්ගේ මිතුරෝ පැවසූහ.
සැමියෙකුගෙන් මා බලාපොරොත්තු වන ශක්තිය, විශ්වාසය, ප්‍රියජනක භාවය, අනුකම්පාව හා රූපශ්‍රීය ‘යකාගේ පාලම’ ළඟ තිබෙනවා යැයි ඇය ප්‍රකාශ කළා ය.
ප්‍රංසය මේ විවාහය නීත්‍යානුකූල විවාහයක් ලෙස පිළි නොගැනුණ ද “අපගේ විවාහය ඉතාම ශක්තිමත්, කලක් පවතින සම්බන්ධයක් වන්නේ” යැයි ඇය තරයේ කියා සිටියි. “ඔහු ගල්වලින් සුසැදුණේ මුත් ඔහු ජීවත්වන බව මට හැඟෙනවා. එයා ගේ ශක්තිමත් වැලඳ ගැනීම් නිසා මා තුළ සාමාකාමී බවක් ඇති වෙනවා. මාව මහ පොළව හා සම්බන්ධ කිරීමට එයා සමත් වෙනවා” යි ඇය තවදුරටත් කියා සිටියා ය.