ගුවන් යානයක් අඩි දහස් ගණනක් ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී එහි නියමුවා නිදා සිටින අතර සහය නියාමකවරිය ජංගම දුරකතනයක එල්ලී සිටි පුවතක් වාර්තා වේ.
මෙම සිද්ධිය වාර්තා වූයේ, Jet Airways ගුවන් සමාගමට අයත් යානයකිනි.
ඉන්දියාවේ මුම්බායි සිට අමෙරිකාවේ නිවෝර්ක් වෙත පියාසර කරමින් තිබූ එම යානය අඩි 34000ක් ඉහළ සිට අඩි 29000ක් දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව, එම යානය පියාසර කළ උසට වඩා අඩි 5000ක් පහළට පැමිණෙමින් තිබියදී තුර්කි ගුවන් සීමාවේදී එය එරට ගුවන් ගමන් පාලකයෙකු විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.
ඉන්පසු ඔහු වහා අදාළ යානයට එම පණිවුඩය ලැබෙන්නට සලස්වා ඇති අතර සහය නියාමකවරිය සිය ප්‍රධාන නියාමකවරයා නින්දෙන් ඇහැරවා යානයේ ගමන යථා තත්ත්වයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
Jet ගුවන් සමාගම නිවේදනය කළේ, මෙම සිද්ධිය හේතුවෙන් ගුවන් නියමුවාගේ සහ සහය නියාමකවරියගේ සේවය අත්හිටවූ බව ය.