-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිදුවු දරුණු ගුවන් අනතුරු දෙක හේතුවෙන් මලායාසියානු ගුවන් සේවය කඩා වැඩීමේ අවධානමතට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ මගීන් ඉතා විශාල වශයෙන් මලයාසියානු ගුවන් සේවය භාවිතයෙන් වැලකී සිටින බවයි. මේ හේතුවෙන් බොහෝ ගුවන් යානා වල ආසන සදහා මගීන් සොයා ගැනීමේ ගැටළු පැන නැගී ඇති බව වාර්තා වෙයි.ඇතැම් ගුවන් ගමන් සදහා  සිටින්නේ මගීන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් බවද විදෙස් වාර්තා අණාවරණය කරයි.මේ නිසා  මලයාසියානු ගුවන් සේවය අධික ලෙස පාඩු ලබන තත්වයට පත්ව තිබේ.
මේ අතර මලයාසියානු ගුවන් සේවාවේ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සේවිකාවන් 200 ක් පමණ සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව ද  වාර්තා වෙයි.මලයාසියානු ගුවන් සේවයේ ඇති අනතුරු දායක බව නිසා බොහෝ සේවිකාවන්ට සිය  පවුල් වලින් බලපෑම් එල්ල වීම නිසා මෙලෙස ඉවත්වී ඇති බව ද වාර්තා වෙයි.

මේ වන විට මෙම තත්වයෙන් මිදීම සදහා මලයිසියානු ගුවන් සේවය සිය නාමය වෙනස් කිරීමට සුදානම් වන අතර  නව  ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ද පත්කර තිබේ.මේ  අතර 20000 පමණ වන සේවක පිරිස ද සියයට 20 කින් අඩුකිරීමට තීරණය කර ඇත්තේ  පිරිවැය අඩුකරගැනීමට බව විදෙස් වාර්තා සදහන් කරයි.
මලයාසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් විය. පුද්ගලයින් 239 දෙනෙක් සමග අතුරුදන්වු මෙම යානය පිළිබද මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. MH 17 ගුවන් යානය පසුගිය ජුලි මස 17 වනදා යුක්‍රේන සටන්කාමීන්ගේ ප්‍රහාරයකට ලක්වු අතර එම අනතුරින් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos