-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සාමාන්‍යයෙන් පාසල්වල නීති රීති පද්ධතියක් තිබෙනවා නේ. ගවුම අඳින්න අවශ්‍ය දිග ප්‍රමාණය, ඉණ තැබිය යුත්තේ කොතැනද, ඉණ පටියේ ප්‍රමාණය ආදිය පාසලට ගැළපෙන පරිදි පාසලේ නීතිරීතිවලට ගැළපෙන පරිදි සකස් වෙනවා.


විලාසිතා බෝවෙනවා
නමුත් බොහෝ දරුවන් මේ නීතිවලට අවනත වන්නේ නැහැ. එක් දරුවෙක් යම් විලාසිතාවක් හඳුනා ගත්තට පස්සේ එයා ඒ විලාසිතාව පාසලට අරගෙන එනවා. ඉන්පස්සේ අතින් දරුවෝ ඒ විලාසිතාව අනුකරණය කරන්න පටන් ගන්නවා.


දඬුවම්
සමහර අවස්ථාවලදී අපි දරුවන්ට දඬුවම් පවා කරලා තිබෙනවා. නමුත් දරුවෝ ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ සුදු ඇඳුම මහපු කෙනාට වරද පවරලා නිහඬ වන එක.


සුදු ගවුම කොටට අඳිනවා
මාධ්‍යයට ඇත්තටම මෙතැනදී ලොකු වගකීමක් තිබෙනවා. මාධ්‍ය තුළින් දරුවන්ට ලබා දෙන පණිවුඩය ඉතාමත් වැදගත්. අපේ දුවලා සුදු ගවුම කොටට ඇඳගෙන ඇවිත් පිරිසක් ඉදිරියේ කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවෙනවා. එවිට අවට ඉන්න අයට එයාගේ කකුල්, ඇඟ ඇතුළ පේන්න පුළුවන්. ඒත් එයාලා හිතන්නේ ඒක තමයි විලාසිතාව කියලා.


දරුවන්ගෙ භාෂාව
අනෙක් දේ තමයි දරුවන් භාවිත කරන භාෂාව. බොහෝ ටෙලි නාට්‍යවල සමහර විකට ජවනිකාවල භාවිත කරන භාෂා සමහර වචන අපේ පිරිමි දරුවෝ පාසලට අරගෙන එනවා. එය එතරම් ගැළපෙන දෙයක් නොවේ. පාසල් සංස්කෘතිය තුළ සභ්‍යත්වය, අනේ‍යාන්‍ය සුහදතාව ආදිය තිබෙනවා. ඒ නිසා මෙවැනි භාෂා පාසලට මදිකමක්.


මේ දේවල් අපේ දරුවන් කරන්නේ නරක සිතකින් නොවේ. ඒ වේලාවෙදි එයාලා සිතන්නේ ඒක තමයි විලාසිතාව කියලා. ඒ නිසා ගුරුවරුන් සහ මාධ්‍ය මඟින් දරුවන්ට හොඳ දැනුම්වත් වීමක් ලබා දීමත් ඉතාමත් වැදගත්.

හංසි ආටිගල

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos