-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නීති කැඩූ  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නගරයේ අවන්හල් අතරින් 2013 වසරේ ඉහළම දඩ මුදල පණවා ඇත්තේ මැක්ඩොනල්ඞ්ස් අවන්හලකට බව වාර්තා වේ.
ක්වීන් ස්ටී‍්‍රට් වෙළඳ සංකීර්ණයේ පිහිටා ඇති මෙම මැක්ඩොනල්ඞ්ස් අවන්හලට පණවා ඇති දඩය ඩොලර් 70000කි.
මැක්ඩොනල්ඞ්ස්හි ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ සිදුවීමෙන් පසු ක්වීන් ස්ටී‍්‍රට් අවන්හලට අදාළව කඩිනම් පියවර ගත් බවයි.
ඒ අනුව ආහාර සැකසීමේ ක‍්‍රියාවලි ප‍්‍රතිසංවිධානය කර ඇති අතර මෙහෙයවන්නන්ද මාරු කර ඇතැයි පැවසේ.
‘අපර් මවුන්ට් ග‍්‍රැවට්’ ප‍්‍රදේශයේ පිහිටා ඇති ෆෝ හා ලොන් නම් අවන්හලකටද ඩොලර් 60000ක දඩ මුදලක් පණවා තිබේ.  මෙලෙස අවන්හල් 34කට දඩ ගසා ඇති අතර ඉන් 3ක් වසා දමා ඇත. මෙහෙයවන්නන් මාරු කර ඇති ප‍්‍රමාණය 16කි.
බි‍්‍රස්බේන් නගර කවුන්සිලය විසින් ආරම්භ කර ඇති ආරක්ෂිත ආහාර වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති අතර එහි ජීවන විලාස කමිටු සභාපති ක‍්‍රිස්ටා ඇඩම්ස් පවසා ඇත්තේ මහජන සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම මෙහි ප‍්‍රමුඛ අරමුණ වූ බවයි.
2012 දී අවන්හල් 17කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් එය 2013දී දෙගුණ වී ඇති බවත් නගරාධිපති ග‍්‍රැහැම් ක්වර්ක් පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙමගින් නගරයේ අවන්හල් වලින් 90%කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීමට පෙළඹී ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week