ව්‍යාජ ලෙස වෛද්‍යවරුන් ලෙස ප්‍රතිකාර කටයුතු කරන පුද්ගලයන් 10,400 දෙනෙකු හදුනා ගැනීමට හැකි වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව සොයා බලන කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කරයි.
වෛද්‍ය සභාවේ හා ආයුර්වේද වෛද්‍ය ආඥා පනත යටතේ සහ හෝමියෝපති ප්‍රතිකාර ක්‍රම යටතේ ලියාපදිංචි වී නොමැති කිසිවෙකුටත් ප්‍රතිකාර කටයුතු කළ නොහැකි බවද ඔහු පවසයි.
මෙරට සෑම පළාතකම පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදෙන පිරිසෙන් 26.4% ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවත් ඒ මහතා සඳහන් කළේය.
ව්‍යාජ ආකාරයට කටයුතු කරන පිරිස් වැඩියෙන්ම වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත්, එම දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෛද්‍ය සේවා පවත්වා ගෙන යන පිරිසෙන් 35% ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවත්, වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසා සිටියේය.