කොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවත අසළ පදික වේදිකාවට මායිම්ව පිහිටි වෙළෙඳසැල් අද රාත්රීයේ කඩා ඉවත් කෙරිණ.
එම වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට නියමිත බැවින් ඉන් ඉවත් වන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය ඒවායේ හිමිකරුවන්ට අද දැනුම් දී තිබුණි.
ඒ සමඟ අද දහවල් පිටකොටුවේ නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවූ අතර වෙළෙදසැල් හිමියන් පැවසුවේ මේවා කඩා ඉවත් කිරීම අසාධාරණ බව ය.
එහෙත් පිටකොටුවේ අලුතින් ඉදිවන පාවෙන වෙළඳ සංකීර්ණයේ ව්යාපාරික ස්ථාන මේ පිරිසට ලබාදුන් බව නාගරික සංවර්ධන අධිකාරිය ප්රකාශ කළේය.