තම රන් මාලය හා තවත් දේපළ රැසක් මව හා පියා තමන්ට පහර දී කොල්ල කෑවයි අලූත්ගම දර්ගා නගරයේ මිහිරපැන්න ප්රදේශයේ දියණියක් කළ පැමිණිල්ලකට අනුව මව හා පියා අත් අඩංගුවට ගත් බව අලූත්ගම පොලීසිය කියයි.
ස්වාමි පුරුෂයා විදේශගතව සිටින පැමිණිලිකාරිය දරු දෙදෙනා සමඟ ජීවත් වී ඇත්තේ තම මව්පියන් හා එක නිවෙසක බව පොලීසිය කියයි.
දින කිහිපයකට පෙර පැමිණිලිකාර දියණිය වෙනත් පිරිමියකු සමඟ මරදාන නවාතැන් පොළක සිටින බවට මව්පියන් දැන ගැනීමෙන් අනතුරුව එහි ගොස් ඇය සොයා ගෙන නිවෙසට කැඳවා ගෙන ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
එම අවස්ථාවේ දී දියණිය පැළඳ සිටි බව කියන රුපියල් අසූ හය දහසක් වටිනා රන් මාලය, පෙන්ඩනය, ජංගම දුරකතන දෙකක් හා අත් ඔරලෝසුවක් මව හා පියා විසින් කොල්ල කෑ බවට ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.